ඩුබායිහි පැවැති පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරිමෙන් පසුව, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා මුදා හැර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව පෙරේදා (20) කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න හමුවේ කැඳවු අවස්ථාවේදියි.
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු ඔහුගේ දුරකථන දත්ත වාර්තාවේ සඳහන් වී නොමැතිවීම හේතුවෙන් ඔහු මුදා හරින බවයි මහේස්ත්‍රාවරයා එහිදි සඳහන් කර ඇත්තේ.
...