කොළඹ - වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර් තිලිණ රුවන් තිහාර ජයරත්න ඝාතනයට ආධාර අනුබලදුන් තවත් පුද්ගලයෙකු හික්කඩුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි හික්කඩුව - පන්නිල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා ඝාතනයට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදියේ හිමිකරු වනවා.
මෙම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව මත මීට පෙර දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සැප්තැම්බර් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි බලපිටිය මහේස්ත්රාත්වරයා නියෝග කළේ.
අම්බලන්ගොඩ - කුලීගොඩ මංසන්ධියේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා ඝාතනය කර තිබුණේ අගෝස්තු මස 3 වන දායි.