දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුට අයත් කිලිනොච්චි - වට්ටක්කච්චි ප්‍රදේශයේ ඉඩමක් ආරක්ෂක අංශ ඊයේ පරීක්ෂාවට ලක් කළා.
ඒ, එම ඉඩමෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ආයුධ වළදමා ඇති බවට ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය පොලීසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි.
පැයකට ආසන්න කාලයක් පස් කපන යන්ත්‍ර යොදාගෙන කැණීම් සිදුකළද කිසිදු යුධෝපකරණයක් හමු නොවීම හේතුවෙන් කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා පසුව නියෝග කළා.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්ණයක්ද යොමුකරනු ලැබුවා.