ඉදිරියේදී බලපෑමක් ඇතිකරන සුළු දෙයක් වෙන්න පුළුවන් - හිටපු මන්ත්‍රී ආනන්දි ශෂිධරන්
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි අද නිල වශයෙන් ආරම්භ කළා.
ඔහු මෙරට 23 වන යුද හමුදාපතිවරයායි.
යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ පළමු යුද හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රෙජිමේන්තු භට පිරිස් පිරිනැමූ කඳවුරු සම්මාන මුරය පිළිගත්තා.
නව යුද හමුදාපතිවරයාට වර්ණ ධජ සහිත සම්මාන ආචාර පෙලපාලියේ ගෞරවාචාරය පිරිනැමුවේ ඉන් අනතුරුවයි.
යුද හමුදාපති කාර්යාලය වෙත පැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිගත්තේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින්.
එහිදී නව යුද හමුදාපතිවරයාට ආශිර්වාද පතා සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා.
සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙක් හමුදාපති ධුරයට පත්කිරීම මගින් දෙරට අතර ආරක්ෂක සබඳතා වලට සහ ආයෝජන සඳහා බලපෑම් එල්ල විය හැකි බවයි.
එමෙන්ම නව යුද හමුදාපතිවරයාගේ පත්කිරීමත් සමග ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා මිලේනිම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ලබා දීමට නියමිත මිලියන 480 ක ප්‍රදානය සම්බන්ධයෙන් ද සලකා බැලීමට සිදුවන බව රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කළ ප්‍රධානියෙක් සිටින හමුදාවක් සමග ශක්තිමත් යුදමය සබඳතාවක් ගොඩනගා ගැනීමේදී යම් සීමාවන්ට ලක්විය හැකි බවයි.
මේ අතර නව යුද හමුදාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්දි ශෂිධරන්
"ගොඩක්දෙනෙක්ගේ විරෝධය මැද ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කරලා තියනවා. මෙය සියලු දෙමළ ජනතාව නොසලකාහැරීමක් විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ කතා කරන අයගේ විරෝධයට ලක්වන කාරණයක්. මෙවැනි පත්කිරීම් තුළින් පීඩාවට පත්වූ දෙමළ ජනතාවගේ විරුද්ධත්වය වැඩිකරනවා කියලයි අපි හිතන්නේ. ශවේන්ද්‍ර සිල්වාගේ මේ පත් කිරීම ඉදිරියේදී බලපෑමක් ඇතිකරන සුළු දෙයක් වෙන්න පුළුවන්".
දෙමළ ජාතික සන්ධානය පා.ම. එස්. වියාලේන්ද්‍රන්