Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
"මම ලොකු වැරැද්දක් කළේ මහත්තයෝ. මගේ සැකේ තමයි සේරටම මුල.." - ආමාරුවෙන් සරසවි සිහිනය සැබෑ කරගත් සඳමාලිව ඝාතනය කළ හැටි පෙම්වතා පාපොච්චාරණය කරයි - Video

- "මම ලොකු වැරැද්දක් කළේ මහත්තයෝ. මගේ සැකේ තමයි සේරටම මුල.." - ආමාරුවෙන් සරසවි සිහිනය සැබෑ කරගත් සඳමාලිව ඝාතනය කළ හැටි පෙම්වතා පාපොච්චාරණය කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,153 Views
මට ඒ වෙලාවේ ආපු තරහත් එක්ක මම එයාට පිහියෙන් ඇන්නා..
එයා කැම්පස් සිලෙක්ට් වුණා, ඒකට මගේ කැමැත්තක් තිබුණේ නෑ..
 
සාක්ෂි නැමති හෝඩුවාවන් පස්සේ හඹායන ආරක්ෂක අංශ, අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසුකරගන්නේ සූක්ෂම බුද්ධිය භාවිතා කරමින්.
 
නමුත් අපරාධකරුවන් සාක්ෂි මකා දමා පැන යන්න තැත් කරනවා. කිසියම් හෝ මොහොතක අපරාධකරුගේ දුර්වලතාවයක් නිසා, ඔවුන් නීතියේ රැහැනට කොටු වනවා. එතෙක් ඔවුන් ආරක්ෂක අංශවලට වැලි ගසමින්, කට්ටි පනිමින් සිටිනවා.
 
දකුණු ලක කම්පා කරමින් පිහි ඇනුමකින් අවසන් ගමන් ගිය සරසවි සිසුවියක් ගැන ඛේදනිය කතාවක්.
 
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.

මේ කතාවේ කතා නායිකාව සඳමාලි. ඇය රුවැත්තියක්. දකුණුලක ඒ ගමේ කාගෙත් සිත් සොරාගත් තැනැත්තියක්.
 
ඇය උපන්ගමේම පිහිටි සිය පාසලේ අකුරු කළේ සමීප යහලුවන් සමඟයි. මිතුරියන් සමඟ කෙළිදොළින් කාලය ගෙවූ ඇයට තිබූ එකම සිහිනය සරසවියයි.
 
මේ අතරතුර නුවන් නම් තවත් පාසල් වයසේ දඩබ්බරයෙක් සඳමාලිගේ හිත දිනාගන්න අසීරු සටනක යෙදුණා. ඒත් නුවන්ගේ වදය සඳමාලිට ඉවසුම් නොදෙන එකක් බවට පත්වුණා. මේ හේතුව නිසාම ඇය මේ දෙයින් බේරෙන්න මිතුරියගේ පිහිට පතනවා. මිතුරිය ඇගේ පෙම්වතාගේ යහලුවෙකුට අඬ ගහන්නේ ඒ නිසයි.
 
ඔහු නමින් අජිත්. අජිත් සඳමාලිගේ ප්‍රශ්නය විසඳන්න ඇවිත් අවසානයේ සඳමාලිගේ "පෙම්වතා" බවට පත්වුණා. තමන්ව බේරගත්තු තරුණයා "වීරයෙක්" විදිහට සඳමාලි දැක්කේ. මේ ආදර සම්බන්ධය අතරතුර සඳමාලි සරසවි වරම් ලබනවා. මේ දෙයින් ඇය වගේම ඇගේ දෙමව්පියන් පවා සතුටට පත් වුණත්, පෙම්වතා නම් කැමති වුණේ නැහැ.
 
කාලය හෙමින් ගෙවුණා. රංඩු සරුවල් මැද සඳමාලිගෙත් අජිත්ගෙත් ආදර කතන්දරය ගලාගෙන ගියා. ඒත් හිටි හැටියේම සඳමාලි අස්ථානගත වෙනවා. ගෙදරින් සරසවි යන්න පිටත් වුණු සඳමාලි, අතරමඟකදී අවසන් ගමන් ගිහින් තිබුණේ ගමක්ම කම්පා කරවමිනුයි.
 
දෙම්පියන් ඉකි ගහමින් විලාප තියද්දි, සඳමාලිගේ ඝාතකයා හොයන්න පොලීසිය වෙහෙසුණා. ඔවුන්ට උපකාර කරන්න "රොනී" නම්වූ නිල සුනඛයා ඉදිරිපත් වුණා. සුනඛයාගේ 'ඉව' ඔස්සේ අපරාධකරු, සඳමාලිගේ 'පෙම්වතා' බව පොලීසිය සොයාගන්නවා.
 
සඳමාලිව ඝාතනය කරන්න තරම් දරුණූ පුද්ගලයෙක් වුණේ කොහොමද කියලා පොලීසිය අහද්දි, අජිත් තමන් කළ සියල්ල පාපොච්චාරණය කළා.
 
"එයාගේ පස්සේ කොල්ලෙක් ඇවිත් හිටියා. මම ඒ කොල්ලා එක්ක කතා කරලා ඒ ප්‍රශ්නේ විසඳුවා. කොහොමහරි මම එයාව යාළු කරගත්තා.. අපි ඊටපස්සේ ආදරේ කරන්න පටන් ගත්තා. වැඩි කාලයක් යන්න වුණේ නෑ මහත්තයෝ.. සඳමාලිගේ ගෙදරින් හැමදේම දැනගත්තා. අපේ ගෙදරටත් සඳමාලිගේ තාත්තා ආවා.."
 
"එයා කැම්පස් සිලෙක්ට් වුණා, ඒකට මගේ කැමැත්තක් තිබුණේ නෑ.. මම එයාට කිව්වේ වෙන ජොබ් එකක් කරන්න කියලා.. අපි දෙන්නා රංඩු වෙනවා, ආයෙම ආදරේ කරනවා... සඳමාලිගේ ෆෝන් එක වැඩ නොකරන වෙලාවට මම කෝල් කළේ එයා එක්ක හිටපු කැම්පස් යාළුවාට.. මම එයාව ගොඩක් සැකකළා. එයාගේ පස්සෙන් ගොඩාක් පැන්නුවා..."
 
"මම ලොකු වැරැද්දක් කළේ මහත්තයෝ. මගේ සැකේ තමයි සේරටම මුල.. මට ආපු කෝල් එකකින් තමයි මේ සේරම පටන් ගත්තේ. මට දවසක් කොල්ලෙක් කතා කළා. ඒ කවුද කියලා මම ඇත්තටම දන් නෑ. ඒ කොල්ලා කියපු දේත් එක්ක මම ගොඩාක් සඳමාලිව සැක කළා. මම එයාගේ අක්කගෙනුත් ඇහුවා. අක්කා කිව්වා එහෙම එකක් නෑ කියලා. ඒත්.. මගේ හිත කිව්වෙම සම්බන්ධයක් ඇති කියලා.."
 
"දවසක් අපි ගොඩාක් වෙලා ෆෝන් එකෙන් රංඩු උනා. මම කිව්වා එයාව හම්බෙන්න ඕනි කියලා. එක දවසක් අපි දෙන්නා හම්බුණා. ඒ වෙලාවෙත් අපි හොඳට හිටියා. එයාගේ බෝඩිමට 21,000ක් ඕනි කිව්වා. ඒකත් දුන්නා. ආයේ මම ගත්ත එක කෝල් එකක්වත් ගත්තේ නෑ. පස්සෙ මම කිව්වා, මම දීපු සල්ලි ගෙනත් දීපන් කියලා. ඒ තරහකට නෙවෙයි. ආපු ආවේගෙටයි කිව්වේ. මම කරන්න යන දේ ගැන මට හිතුන් නෑ මහත්තයෝ.. සඳමාලි මගේ සල්ලි ආපහු දෙන්න මට එන්න කිව්වා. මම ඒ ගමන ගියේ සල්ලි නිසා නෙවෙයි. මට ඕනි වුණේ එයාව හම්බෙන්න.. මම පිහියක් ගත්තා. මම දන් නෑ මට ඒ වෙලාවේ ඔලුවට ආපු දේ... අන්තිමට මම එයාගෙන් කැම්පස් එකේ බෝයි කෙනෙක් ඉන්නවද අහද්දි එයා ඔව් කිව්වා... මම දන් නෑ.. මට ඒ වෙලාවේ ආපු තරහත් එක්ක මම එයාට පිහියෙන් ඇන්නා..."
 
ඉව ලුහුබඳින හෝරාව, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව!
 
මෙම ක්‍රියාන්විතයේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  716 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,556 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,988 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,525 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,704 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,662 Downloads



Top 10 Commenters

Latest Comments

Top