කිමිදුම්කරුවෙකුගේ සොයාගැනීමක් හේතුවෙන් ගොඩ ආ වේදනාත්මක මතකයක් ගැන දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.
මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් දියේ ගිලී මියගිය තරුණයෙකුගේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝවක් ගැනයි.
අතිශය සංවේදී මෙම සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්.
එහි දිය ඇල්ලක් ආශ්‍රිතව මීට වසර දෙකකට පෙර සිදුවූ අනතුරකින් මියයන්නේ රිචඩ් නමැති තරුණයෙක්.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහු අතැතිව තිබූ GoPro කැමරාව වසර දෙකකට පසු එම දිය ඇල්ල ආශ්‍රිතව කිමිදීමේදී Rich Aloha නමැති සමාජ ජාල ක්‍රියාකරුවෙකු විසින් සොයාගනු ලබනවා.
පසුව කැමරාව පරීක්ෂා කිරීමේදී එහි සිටි රිචඩ් නමැති තරුණයා දියේ ගිලී මියයන මොහොතේ ලබාගත් වීඩියෝව හමුව තිබෙනවා.
ඔහු විසින් එම කැමරාව අදාළ මියගිය පුද්ගලයාගේ මව්පියන් සොයා ඔවුන්ට ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.