වෙන්නප්පුව - සීනෝර් මං සන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු, සහ ඇගේ වැඩිමහල් සහෝදරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරියගේ පියා සහ ඇගේ බාල සහෝදරිය ඇප මත මුදා හැරීමටයි.
මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය සහ අනෙකුත් බලපත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් යමින් සිටියදී පෙරේදා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගත් අතර, පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා.