Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ කාන්තා වැසිකිළියක CCTV කැමරා සවිකොට අසැබි දසුන් නැරඹූ සල්ලාල දොස්තරට වැඩ වැරදුණු හැටි

- අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ කාන්තා වැසිකිළියක CCTV කැමරා සවිකොට අසැබි දසුන් නැරඹූ සල්ලාල දොස්තරට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,921 Views
ගිණුම් අංශයේ නිලධාරිනියක් පොලිසියට ප්‍රකාශයක් ලබාදීලා..
වෛද්‍යවරයා කාන්තා වැසිකිළියට යන හැටි සේවකයෙකුත් දැකලා..
 
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී. කැමරාවක් සවිකර කාන්තාවන්ගේ දර්ශන රූගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවේ නඩු පවරනු ලැබුවා.
 
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවැරීමට තරම් අවැසි කරුණු ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත් නීතිපතිවරයා ලිඛිතව ලබා දී තිබූ නීති උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනු කර නඩු පවරනු ලැබුවා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා විමර්ශනවල උධෘත අධිකරණ නියෝගයක් මත නීතිපතිවරයාට යැවීමෙන් අනතුරුවයි.
 
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයාට ලබන මස 15 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසට තවදුරටත් නියෝග කරනු ලැබුවා.
 
සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සවිකර තිබියදී පොලිස් භාරයට ගෙන තිබූ සී.සී.ටී.වී. කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි මීට පෙර අධිකරණය අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාවද මේ වන විට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙක්. ඔහු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 30 වැනි වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද සිදුකර ඇති බවට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබෙනවා.
 
සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මුල් බී වාර්තාව මඟින් කියා සිටියේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක යමෙකු විසින් සී.සී.ටී.වී. කැමරාවක් සවිකර ඇති බවට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සිරිවර්ධන සමරවීර මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බවයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර රෝහල් පොලිසිය මඟින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර වූ බව ද අධිකරණයට කියා සිටි පොලිසිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටී.වී. කැමරාවක් සවි කර තිබූ අයුරු තමන් දුටු බව පවසමින් එම රෝහලේ ගිණුම් අංශයේ නිලධාරිනියක විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බව ද සඳහන් කළා.
 
එමෙන්ම සැකකාර වෛද්‍යවරයා අදාළ කාන්තා වැසිකිළියට යන එන අයුරු ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යෙහි නියැළී සිටි කම්කරු සේවකයකු ද දැක ඇති බව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද පොලිසිය අධිකරණයට සැල කළා.
 
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී. කැමරාවක් සවි කළේ තමන් බවට පිළි ගනිමින් සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ලිපියක් ලබා දී ඇති බවට පොලිසිය මේ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී තවදුරටත් හෙළි වූයේ යැයි ද පොලිසිය එදින අධිකරණයට දැනුම් දුන්නා.
 
සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා මහතා සඳහන් කළේ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවයි.
 
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් රත්නායක මහතාගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු කීවේය. සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ රංජිත් රාජකරුණා මහතා පෙනී සිටියා.
 
ආනන්ද කරුණාදාස
මව්බිම
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  716 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,556 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,988 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,525 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,704 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,662 Downloads



Top 10 Commenters

Latest Comments

Top