ගලගෙදර ප්‍රදේශයේ තරුණයෙක් පසුගියදා සිය පෙම්වතියගේ නිවෙසේ මිදුලේ සිටියදී පෙම්වතියගේ පියා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පිලිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ එම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයා අසල්වැසි ගමක පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා.
පාසල් ශිෂ්‍යාව ඉකුත් 16දා මෙම තරුණයාට දුරකථනයෙන් කෙටි පණිවුඩයක් යවමින් දන්වා ඇත්තේ රාත්‍රියේ තමා මුණ ගැසීමට නිවෙසට පැමිණෙන ලෙසයි.
ශිෂ්‍යාවගේ මවුපියෝ මෙම ප්‍රේම සම්බන්ධතාව කල්තියා දැනගෙන තිබුණු අතර ඊට ඔවුන් විරුද්ධතාව ප්‍රකාශ කර තිබූ නමුත් තරුණිය පෙම්වතා සමඟ දිගින් දිගටම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබුණා.
පෙම්වතා රාත්‍රි 11ට පමණ ඇගේ නිවෙසට ගොස් මිදුලේ සිටියදී තරුණියගේ පියා ඔහු මිදුලේ සිටින බව දැක රබර් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පිලිස්සුම් තුවාල ලැබූ තරුණයා තම නිවෙසට දැන්වීමෙන් පසු අසල්වාසීන් පිරිසක් විසින් රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබුණා.
වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර එවා ඇති අතර ඇසිඩ් ප්‍රහාරයෙන් තරුණයාගේ දකුණු අත උරහිසේ සිට වැලමිට දක්වාත් දකුණු ඉළ තුනටිය දක්වාත් පිලිස්සී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
මව්බිම