මිනුවන්ගොඩ පොලිසිය ඉදිරිපිටදී කාන්තාවකට පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් ඇය හා ඇගේ ඥාතීන් ඊයේ රාත්‍රියේ පොලිසියට විරෝධය පළ කළා.
කෙසේ වෙතත් සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ ඇය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ පැමිණි කාන්තාවක් චෝදනා කලේ ඇගේ සැමියාට මත්ද්‍රව්‍ය ලග තබාගත් බවට බොරු චෝදනා ඉදිරිපත් කර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ
"13 වෙනදා උදේ 6.30 ට විතර ප්‍රියන්ත කියන ගංජාකාරයා අල්ල ගත්තා ගංජා, කුඩු එක්ක.පෝය දවසෙ උදේ ඇප දීලා නිදහස් කර ගත්තා.මගේ ගෙදරට 10.30 ට මන්නයක් අරං පැනලා තියනවා කුඩුකාරයගෙ බාප්පා.කොටන්න ගිහිං තියෙනවා තොපි තමයි ඔත්තුව දුන්නෙ කියලා 119 ට කෝල් කරා ආවෙ නෑ මිනුවන්ගොඩ පොලිසිය.15 වෙනිදා උදේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් කිව්වා 17පොලිසියට එන්න කියලා.මං ඇහුවා ඇයි කියලා.ගංජා කාරයගෙ ගෙදරට ඔයා තර්ජනය කරලා කිව්වා. ආව උදේ ඕ.අයි.සී.කාමරේ තියං මගෙ මිනිහට ගැහුවා".
මෙම පහරදීම පිළිබදව අදාළ කාන්තාව උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කිරීම පිළිබද උරණ වු මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇගේ සැමියා මත්කුඩු ලග තබාගත් බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් මෙම කාන්තාව පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.
ඇගේ සහෝදරයෙකු පවසන්නේ එහිදී පොලිස් නිලධාරීන් ඇයට පහරදුන් බවයි.
එම අවස්ථාවේ ලබාගත් දර්ශන පෙලක්ද ඔවුන් හිරු ප්‍රවෘත්ති වෙත ලබාදුන්නා.
පහරදීම සම්බන්ධයෙන් කාන්තාවගේ සහෝදරයා හා කිහිපදෙනෙකු පොලිසියට විරෝධය පළ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප මිනුවන්ගොඩ පොලිසියෙන් විමසීමක් කළා.
එහි නිලධාරියෙකු සදහන් කලේ අදාල චෝදනා සිදුකරන කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
තම සැමියා නිදහස් කරන ලෙස ඉල්ලා පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් එම කාන්තාව සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බවත් එහිදී කිසිදු පහරදීමක් සිදු නොකල බවත් පොලිසිය සදහන් කළා.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් පොලිසියට අපහාස වන අයුරින් හැසිරුණු අදාළ කාන්තාවගේ සහෝදරයන්ද අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග මත ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි.
මේ අතර සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂානි ගුණවර්ධන නැමති පාසල් ශිෂ්‍යාව පසුගිය 12 වැනිදා සිට අතුරුදන්ව ඇතත් ඒ පිළිබඳව මිණුවන්ගොඩ පොලිසියට සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් සිදු නොකළ බව ඇගේ මව පවසනවා.
VIDEO