Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
පුහුණුවීමේ නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් SF සෙබළා ගැන මිතුරෙකු කියූ කතාව - Video

- පුහුණුවීමේ නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් SF සෙබළා ගැන මිතුරෙකු කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73,390 Views
අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී මෙම අනතුර සිදුවෙලා...
ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැළෑ රොදකට පතිතවෙලා...

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

ඒ, අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී සිය පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේදී අද පෙරවරුවේ සිදුකෙරුණු පැරෂුට් සංදර්ශණ පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩාඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරී එච්.එච්.ඒ. චම්පික කුමාරසිරි නැමති නිලධාරියායි.
 

අද පෙරවරුවේ පැවති පුහුණුවීම් අතරතුර අඩි 10,000 ක් උඩු ගුවනේ සිට පොළවට පතිතවන අවස්ථාවේ ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක වී නැහැ.

ඒ අනුව ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැළෑ රොදකට පතිත වූ නිලධාරියා අම්පාර රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

යුද හමුදාවේ තුන්වැනි විශේෂ බලකායේ බලලත් පුහුණු නිලධාරියෙකු ලෙස සහ කුඩා ඔය කමාන්ඩෝ හමුදා පුහුණු පාසලේ බලලත් නිලධාරියෙකු ලෙසද සේවය කර ඇති මෙම නිලධාරියාගේ යුද හමුදා සේවා කාලය වසර 22 ක් .

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරූ කුමාරසිංහ ස්කයි ඩයිවින් සහ අන්තර්මාධ්‍ය පැරෂුට් පුහුණු පාඨමාලා හදාරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්.

ස්ථානීය පැරෂුට් පිමි පුහුණුව ලැබූ අතලොස්සක් වූ පැරෂුට් පිමිකරුවන් අතුරින් කෙනෙකුවන කුමාරසිංහ එම පුහුණුව ලබා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ස්කයි ඩයිව් ඩුබායි ආයතනය හරහායි.

ජීවිතක්ෂයට පත් වූ චම්පික කුමාරසිංහ හතළිස් දෙහැවිරිදි එක්දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ තම දෙවන දරුවාද බිහිකිරීමට අපේක්ෂාවෙන් සිටින ගැබිණියක්.

ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ එකම සහෝදරියද යුද හමුදාවේ සාමාජිකයන්වන අතර එක් සහෝදරයෙක් මානුෂික මෙහෙයුම අතරතුර වෙඩි වැදීමෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටිනවා.

විශේෂ බලකායේ චම්පික කුමාරසිරි පසුගිය පෙබරවාරි 4 වැනිදා ජාතික නිදහස් දින සැමරුමේදී බේස් ජම්ප් ඉසව්වෙන් අඩි 600 ක් උස ෂැංග්‍රිලා හෝටලයේ සිට පැරෂුට් සංදර්ශනයට එක්වුණේ මේ අයුරින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  282 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  731 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,168 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,428 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  283 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  301 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,842 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,080 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,801 Downloads



Top 10 Commenters

Latest Comments

Top