මැදිරිගිරිය - මීගස්වැව මාර්ගයේ මයිලගස් මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ මැදිරිගිරියේ සිට මීගස්වැව දක්වා ධාවනය වූ ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් යතුරුපැදි දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කෙරුණා. ඉන්පසු යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 37 සහ 40 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
..