Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
හමුදා ආචාර මැද 22 වන යුද හමුදාධිපති මහේෂ් සේනානායක සිය ධූරයෙන් නික්ම යද්දී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ භාරගනී - Video & Photos

- හමුදා ආචාර මැද 22 වන යුද හමුදාධිපති මහේෂ් සේනානායක සිය ධූරයෙන් නික්ම යද්දී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ භාරගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,153 Views
හිටපු යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ජනාධිපතිවරයා විසින් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබ තිබෙනවා.

39 වසරක යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට සමුදීමේ නිල උත්සවය අද පැවැත්වුණේ කොළඹ යුද හමුදා මූලස්ථානයේදීයි.

කොළඹ පිහිටි යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හට සාම්ප්‍රදායික හමුදා සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක්ද පිරිනැමුණා.

අනතුරුව මහේෂ් සේනානායක මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස පත්ව සිටින ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සම්ප්‍රදායානුකූලව යුද හමුදා යෂ්ඨිය පිරිනැමුවා.

මෙරට 22 වන යුද හමුදාපතිවරයාවන ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ඡායාරුවක්ද යුද හමුදා මූලස්ථානයේදී නිරාවරණය කෙරුණා. 

මේ අතර නව යුද හමුදාපතිවරයා ලෙස පත්කර සිටින ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් කැනඩාවේද දැඩි අවධානය යොමුව තිබෙන බව මෙරට පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. 

එම කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ යුධ සමයේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් විශ්වසනීය චෝදනා තිබියදී ඒවා නොතකා හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි. 

ඔහු පත්කිරීම තුළින් සංහිඳියාව සහ වගවීම වෙනුවෙන් ගෙන යන ක්‍රියා පිළිවෙතට පහරක් එල්ල විය හැකි බවද එහි සඳහන්. 

මේ අතර නව යුද හමුදාපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් මහත්මියද නිවේදනයක් නිකුත් කර තිබුණා. 

මෙම පත්කිරීම තමන් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්කර ඇති බවත්, මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී සිදුකර ඇතැයි පැවසෙන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති පසුබිමක් මත ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කිරීම මානව හිමිකම් කවුන්සිලයේ 30 - 1 යෝජනාව බරපතළ ලෙස බලපෑමකට ලක්කරන බවත් මහ කොමසාරිස්වරිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.

එහි වැඩිදුරටත් දැක්වුණේ මෙම පත්කිරීම හරහා සංහිඳියා වැඩපිළිවෙළ සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීමද ප්‍රශ්නකිරීම්වලට ලක්විය හැකි බවයි.

මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සහ දෙමළ ජාතික සන්ධානයද ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කර තිබුණා. 

මේ අතර ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාපති ධුරයට පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. 

ඉන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවයි. 

විදේශීය පාර්ශ්වයක් මගින් මෙරට රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම යුක්ති සහගත නොවන අතර එය පිළිගත නොහැකි ක්‍රියාවක් බවද එම නිවේදනයේ දැක්වෙනවා. 

චෝදනා මත පදනම්ව ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන මෙම පත්කිරීම පිළිබඳ සැළකිළිමත් විය යුතු බව පෙන්වාදීම කනගාටුවට කරුණක්වන බවත් එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලු වගකිව යුතු සාමාජිකයින් අනුගමනය කරන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

මේ අතර ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් එල්ල කරන චෝදනා පිළිබඳ විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  270 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  725 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,164 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,426 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  283 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  301 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,836 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,078 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top