Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
"ඒකි ළමයින්ට තේ හදන්නෙත් කෝප්ප උණු වතුරෙන් තම්බලා අරන්. ඒ තරම් ළමයින්ව පරිස්සම් කළා, ඒ නිසා ඒකිට මොකුත් කලේ නෑ" - බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ සඳුන්ගේ බෙල්ල කපා ඝාතනය කළ චමින්ද කළ පාපොච්චාරණය

- "ඒකි ළමයින්ට තේ හදන්නෙත් කෝප්ප උණු වතුරෙන් තම්බලා අරන්. ඒ තරම් ළමයින්ව පරිස්සම් කළා, ඒ නිසා ඒකිට මොකුත් කලේ නෑ" - බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ සඳුන්ගේ බෙල්ල කපා ඝාතනය කළ චමින්ද කළ පාපොච්චාරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,559 Views
"උඹ මගේ ගෑනිත් එක්ක තියෙන සම්බන්දේ නතර කරලා දාපං.."

"මම නතර කරන්නේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්.."
 
අනියම් ඇසුරු නිසා යාළු මිත්‍රකම් මෙන්ම නැදෑකම්ද අහිමි වූ අවස්ථා ගැන අපි නොයෙක් විට අසා තිබෙනවා. ඇතැම් අවස්ථාවල පුද්ගල ඝාතනවලින් කෙළවර වෙන මෙවැනි අසම්මත ඇසුරු නිසා අවසානයේ දුකට පත්වන්නේ නොදරුවන් වීම ද අභ්‍යාගයක්.
 
මේ කතාව දිග හැරෙන්නේද අනියම් ඇසුරක සුව විදීමට ගොස් එක් පුද්ගලයෙකු අතින් අනෙක් පුද්ගලයා ඝාතනය වී දරු පවුලක්ම අසරණ වීම සම්බන්ධයෙනුයි. බේරුවල පොලිස් පොතේ සටහන් වූ අන්දමට සිද්ධිය මෙසේයි.

එකම පවුලේ අක්කාගෙත් මල්ලිගේත් දරුවන් වන චමින්දත් සඳුනුත් පදිංචිව සිටියේ බේරුවල, කරඳගොඩ ප්‍රදේශයේයි. සඳුන්ගේ පියා වන ධර්මසේනගේ වැඩිමල් සහෝදරිය වන්නේ චමින්දගේ මවයි. සඳුන්ගේ පියා කුලී වැඩ කරමින් තම දරු පවුල ජිවත් කළ අතර චමින්දගේ පියා කළේ බෝට්ටු අළුත්වැඩියා කිරීමේ කටයුතුයි.
 
එකම ඉඩමේ මීටර් තිහක පමණ දුරින් ඉදි කළ 117 හා 119 අංක දරණ නිවෙස් දෙකක මෙම පවුල් දෙක පදිංචිව සිටියේ ඉතා සමඟියෙනුයි.
 
කුඩා කළ සිට එකට හැදුණු වැඩුණු පාසල් ගිය, කෙළි සෙල්ලම් කළ මේ පවුල් දෙකේ දරුවෝ දුකේදීත් සැපේදීත් එකට සිටියේ මවුපියන්ගේ ආදරය සෙනෙහස ලබමිනුයි.
 
27 හැවිරිදි සඳුන් අවිවාහකයෙක්. ඔහුට සිටියේ වැඩිමල් සහෝදරියක් හා බාල සහෝදරයෙක් පමණයි. අක්කා විවාහ වී වෙනම පදිංචිව සිටින අතර සඳුන්ගේ මල්ලිද අවිවාහකයෙක්.
 
කවුරුත් ඔහුට "සඳුන්" කියා කතා කළත් ඔහුගේ නම "උප්පැන්නයේ" ලියවී ඇත්තේ හෙට්ටිතන්ත්‍රිගේ ධනුෂ්ක මධුරංග ලෙසයි. ඒ නම පොලිසියට හුඟක් හුරුපුදුරුදුයි. ඒ ඔහුට විරුද්ධව චෝදනා කිහිපයක්ම ඒ වන විටත් පොලීසියට ලැබී ඇති බැවිනුයි. ඉන් එකක් රන් මාලයක් කඩා ගැනීමක් සම්බන්ධවයි.
 
ඉතා කඩවසම් සිරුරක හිමිකම් කී විවාහකයෙකු වන චමින්ද 35 හැවිරිදි තිදරු පියෙක්. ඔහු සඳුන්ගේ නැන්දාගේ පුතායි. අවුරුදු දහය දොළහ හා පහ වයස්වල පසුවෙන පුතුන් තිදෙනෙකුගේ පියෙකු වන චමින්දගේ බිරිය 36 හැවිරිදි සඳමාලියි.
 
චමින්ද ඒ ප්‍රදේශයේ බොහෝ දෙනා මෙන්ම මුල් කාලයේ කළේ ධීවර රැකියාවයි.
 
ඒ තම ඥාති සහෝදරයා වන සඳුන් සමඟයි. මේ නිසා ඔවුන් දෙදෙනා අතර තිබුණේ විශාල බැඳීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් එකිනෙකාට උදව් පදව් කරගනිමින් රැකියාවේද නිරතව කීයක් හෝ උපයා ගැනීමට කටයුතු කළේ කාටවත් කරදරයක් නොවෙමින්.
 
මේ අතර තම පියාගේ බෝට්ටු අළුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කරන චමින්දට වතුරේ රේස් පදින ස්කූටර්වල එන්ජින් අළුත්වැඩියා කිරීමට ද අවස්ථාවක් ලැබෙන්නේ ඒ සඳහා ඔහුට තිබූ ආශාව හා දක්ෂකම නිසායි.
 
චමින්දට විදෙස්ගතවීමට අවස්ථාවක් ලබෙන්නේ ඔය අතරයි. ඒ දිය මත වැඩ පෙන්වන 'මෝටර් ස්කූටර්වල' එන්ජින් අළුත්වැඩියා කිරීමේ රැකියාවක් සඳහායි.
 
ඔහු වසර තුනක් පමණ විදේශගතව සිට මෙම රැකියාව කර නැවත 2016 වසරේදී මෙරටට පැමිණියේ ඒ පිළිබඳ හසල දැනුමක් ඇති පරිපූර්ණ ශිල්පියෙකු ලෙසයි.
 
දිය මත සිදු කෙරෙන තරඟ සඳහා මෙම මෝටර් ස්කූටර් යොදා ගැනීමට පෙර සහ ඒවා කැඩුණු පසුව ඒවායේ කාර්මික දෝෂ නිවැරදි කර සකස්කරදීමට තරම් දක්ෂ ශිල්පියෙකු ඔහු හැර එම ප්‍රදේශයේ නොසිටි තරම්. සෙමෙන් තම උත්සහයෙන් දියුණු වුණු පුද්ගලයෙක් වන චමින්ද ඉන්පසු තම පියා සුළුවෙන් ආරම්භ කළ 'බෝට්ටු රෙපයාර්' වැඩපොළ තවදුරටත් දියුණු කරගත්තේ වතුරේ රේස් පදින ස්කූටර් ඇතුළු කුඩා ධීවර බෝට්ටු අළුත්වැඩියාවද ආරම්භ කරමිනුයි.
 
ඒ පිළිබඳ මනා නිපුණත්වයක් දැක්වූ ඔහු දිනෙන් දිනම ඉතා සීඝ්‍රයෙන් දියුණුව කරා පා තැබුවේ කාගෙත් හොඳ හිත දිනාගනිමින්.
 
චමින්දට හා පවුලේ අයට මුදල් අතින් කිසිදු අඩුපාඩුවක් වුණේ නැහැ. දරු තිදෙනාට උසස් අධ්‍යාපනයක් ලබා දීම චමින්දගේ ලොකුම බලාපොරොත්තුව වුණා. එහෙත් දෛවයේ සරදමක් ලෙස අවාසනාවද ඔහු පසුපස හඹා එමින් තිබුණා.
 
ඒ ඔහු විදේශගත වූ කාලයේ බිරිය සඳමාලි තම ඥාති සොයුරා සඳුන් සමඟ අනියම් ඇසුරක් ඇති කර ගැනීම නිසායි. බහුදින ධීවර යාත්‍රාවක රැකියාව කළ සඳුන් මත්ද්‍රව්‍ය වලටද හුරුපුරුදුව සිටි අතර මීට වසරකට පමණ පෙර සඳමාලි ඔහු සමඟ පලායන්නේ චමින්දගේ කැදැල්ලට ගිනි අවුලමිනුයි.
 
මේ ආරවුල බේරුවල පොලීසිය දක්වා දුරදිග ගියා.
 
පොලිස් නිලධාරින් විසින් දෙපාර්ශවයම පොලීසිය කැඳවා සාමදාන කර යවන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතා චමින්ද සමඟ හොඳින් ජිවත් වන ලෙස සඳමාලිටත් අවවාද කරමින්. චමින්ද එදා සඳමාලි සමඟ පොලීසියන් පිටව ගියේ නැවත මේ පිළිබඳ පොලීසියට පැමිණිමට සිදු නොවනු ඇති බව සිතාගෙන විය යුතුයි. එහෙත් සිදුවූයේ නැවත වතාවක් සඳමාලිත් සඳුනුත් නිවෙස්වලින් පලා යාමයි.
 
දින 2කට පසුනව නැවත නිවසට එන මේ දෙදෙනා පොලිස් නිලධෘරින් විසින් පොලීසියට නැවත කැඳවා ඔවුන්ට කරුණු අවබෝධ කර දෙන්නේ මෙහි ඇති භයානකකමද පෙන්වා දෙමිනුයි. තමන්ට මෙතරම් ද්‍රෝහිකම් කරද්දිත් චමින්ද ඒ සියල්ලටම සඳමාලිට සමාව දී ආයාචනා කළේ මින් පසුවත් හොඳින් සිටිමු කියායි.
 
තම ඥාති සහෝදරයා වන සඳුන්ගෙන් චමින්ද ඉල්ලා සිටියේ සඳමාලි අතහැර ඇයට පාඩුවේ සිටීමට ඉඩ දෙන ලෙසයි.
 
එහෙත් චමින්දගේ ඉවසීම හෝ අහිංසකකම ගැන කිසිම තැකීමක් නොකළ සඳමාලී, නැවතත් මෙම අනියම් ඇසුරේ නිරත වූයේ චමින්දට රහසින් වුවත් එය ඔහුට සදාකාලික රහසක් වූයේ නැහැ.
 
"මං පුළුවන් තරම් කිව්වා සර්.. මේක නවත්තන්න කියලා. කීප සැරයක්ම කිව්වා. කොච්චර කිව්වත් සඳමාලි ඇහුවේ නෑ..."
 
චමින්ද පොලීසියට පසුව කීවේ එවන් කතාවක්.
 
හොඳට කැපෙන මාළු කපන මන්නා පිහියක් ඔහු මිලදී ගත්තේ මෙම සම්බන්ධය නතර කරන ලෙස දෙදෙනාගෙන් ඉල්ලා බැරිම තැනයි. පසුගිය 11 වැනිදා රාත්‍රීයේද සඳමාලි, සඳුන් සමඟ කතා කරමින් සිටි බව චමින්දට ආරංචි වන්නේ ඒ ගැන ඔහු සෙවිල්ලෙන් සිටි නිසයි.
 
පසුදින දහවල් නිවසේ සිට මෝටර් බයිසිකලයෙන් අතුරු පාරේ සිට කරදගොඩ පාරට හැරෙන හන්දියට එමින් සිටි චමින්දට මෝටර් බයිසිකලයකින් එන සිය ඥාති සහෝදරයා වන සඳුන්ව හමු වූ අතර ඒ මොහොතේ ඇති වූයේ බහින්බස් වීමක්.
 
"උඹ මගේ ගෑනිත් එක්ක තියෙන සම්බන්දේ නතර කරලා දාපං. සඳුන් මං ආයෙත් කියන්නේ නෑ..."
 
"මම නතර කරන්නේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්.."
 
සඳුන්ගේ වචනවලින් කෝපයට පත් චමින්ද අතේ තිබූ මන්නයෙන් ඔහුට පහර දුන් අතර එම පහරින් සඳුන්ගේ වම් අතේ ඇඟිලි දෙකක් කැපී වෙන්වුණා.
 
මෝටර් බයිසිකලයෙන් බැස අත අල්ලාගෙන පලා යමින් සිටි සඳුන් පසුපස එලවා ගිය චමින්ද ඊළඟ පහර එල්ල කළේ ඔහුගේ ගෙලටයි. වම් පැත්තේ ගෙල තදබල ලෙස කැපී හිස කඳින් වෙන්වන තරමට බරපතල තුවාල සහිතව ලේ විලක් මැද ඇද වැටුණු සඳුන් කෑ මොරදුන් අතර ඔහුගේ දකුණු අතේද ඒ වනවිට බරපතල කැපුම් තුවාලයක් සිදුව තිබුණා.
 
මෝටර් බයිසිකලය එතැනම දමා ලේ තැවරුණ මන්නයද රැගෙන සඳුන්ගේ නිවසට ගිය චමින්ද නිවැසියන්ට බැන වැදී ඔවුන්ටත් මන්නා පහර එල්ල කිරීමට සැරසෙන විට එය රෙදි වැලක පැටලී විසි වී යාම නිසා සඳුන්ගේ නිවසේ අයට කරදයක් සිදුවූයේ නැහැ. මේ සිද්ධියෙන් අනතුරුව කලබල වූ සඳුන්ගේ අක්කා ඇතුළු පිරිස කරඳගොඩ හන්දියට දුවගෙන එන්නේ ඉන් පසුවයි.
 
බරපතල තුවාල සහිතව වැටී සිටි සඳුන් ඔහුගේ පවුලේ අය විසින් බේරුවල රෝහලට රැගෙන ආවත් ඒ වන විටත් ඔහු සියලු දෙනාගෙන් සමුගෙන සිටියේ තහනම් පෙමක අනිටු ප්‍රථිපලයක් ලෙසයි.
 
සඳුන්ගේ පියා බේරුවල පොලීසියට මෙම සිද්ධිය දැනුම් දුන්නේ සිද්ධිය වී පැය භාගයක්ම ඉක්ම යාමටත් පෙරයි. බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක විතානගේ මහතාට මේ ගැන දැනුම් දෙන විටම ඔහුගේ මතකයට ආවේ මෙම පුද්ගලයින් කැඳවා මීට පෙර කීප වතාවක්ම තමන් අවවාද කළ බවයි.
 
අපරාධය සිදුවූ තැනට ආරක්ෂාව යෙදූ පොලිස් නිලධාරින් සැකකරු සොයා යන්නේ ඔහුගේ නිවසටයි.
 
පොලීසිය එහි යනවිට සැකකාර චමින්ද නිවෙසින් පලායාමට උත්සහ කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට එතරම් අපහසු වුණේ නැහැ. ඔහුගේ ප්‍රකාශ මත අඩි දෙකකට ආසන්න දිගක් ඇති ලී මිට සහිත මන්නා පිහියද වැටී තිබූ ස්ථානයේ තිබී සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.
 
අපරාධය සිදු වූ ස්ථානයේ මරණකරුගේ වම් අතේ මහපටඇඟිල්ල සහ දඹරුගිල්ල සහ සැකකරුගේ මෝටර් බයිසිකලය වැටී තිබූ අතර සැකකරු ඒ අවස්ථාවේ ඇඳ සිටි රෝසපාට ටීෂර්ට් එකද මෝටර් බයිසිකලය අසල තිබුණා.
 
"සර් මම ගෑනිවයි මරන්න හිටියේ. ඒකි ළමයින්ට තේ ටික හදන්නෙත් කෝප්ප උණු වතුරෙන් තම්බලා අරගෙනයි සර්. ඒ තරම් ඒකි ළමයින්ව පරිස්සම් කළා සර්. ළමයි තුන් දෙනාට කවුරුත් නැති වෙන හින්දයි මම ඒකිට මුකුත් කළේ නැත්තේ.."
 
දරුවන්ගේ යහපත ගැනම සිතූ චමින්ද ගත් මෙම තීරණය කිසිවෙකුට අනුමත කළ නොහැකියි. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරයි.
 
ඝාතනය වූ සඳුන්ගේ මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේදී සිදු වුණා.
 
ගෙල ප්‍රදේශයේ සිදු වූ බරපතල කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා සඳුන්ගේ මරණය සිදු වී ඇති බවට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරසිංහ මහතා නිගමනය කළා.
 
වනිතා මානෙල් ගමගේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  267 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  724 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,162 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,424 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  283 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  300 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,836 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,072 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top