අම්පාර - උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක මෙම යුද හමුදා සෙබලා නිරතව සිටි බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ.
එලෙස පුහුණුවේ නිරතව සිටියදී පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී තිබෙනවා.