Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
"ඒයි අහස ඔයාගේ තොප්පිය ගලවන්න මම එනවා.." - අභ්‍යවකාශයට ගිය වැලෙන්ටිනා තෙරෙස්කෝවාගේ බිහිසුණු ගමනේ සැඟවුණු රහස් වසර 40කට පසු එළියට එයි - Photos

- "ඒයි අහස ඔයාගේ තොප්පිය ගලවන්න මම එනවා.." - අභ්‍යවකාශයට ගිය වැලෙන්ටිනා තෙරෙස්කෝවාගේ බිහිසුණු ගමනේ සැඟවුණු රහස් වසර 40කට පසු එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,602 Views
අභ්‍යවකාශ තරණය හිතන තරම් සුන්දර වුණේ නැහැ...
 
ඔබ එහිදී දෙවියන් වහන්සේ දුටුවාද...?
 
සෝවියට් රුසියානු අජටාකාශගාමිනී වැලෙන්ටිනා තෙරෙස්කෝවා පිළිබඳ නොදන්නා අයෙක් නැත. ඇය අභ්‍යවකාශ ගත ප්‍රථම තැනැත්තිය ලෙස ඉතිහාසයට එක්වූවාය. ඇගේ ඓතිහාසික අජටාකාශ චාරිකාව සිදුවූයේ 1963 ජුනි 16 වැනි දිනය.

පෘථිවිය වටා ඇය කක්ෂගත වූ වාර ගණන 45කි. ඒ සඳහා යොදා ගැනුණේ රුසියානු සමූහාණ්ඩුව නිෂ්පාදනය කළ වොස්ටොක් 6 කැප්සියුලයයි. දින තුනකට පසු ඇය නිරුපද්‍රිතව පෘථිවියට ළඟා වූවාය.
 
මේ තොරතුරු බොහෝ ප්‍රසිද්ධ කරුණු වේ. දෛවය ඇය අජටාකාශ තරණයට යොමු කළ සුවිශේෂී හේතු එතරම් ප්‍රකට වූ ඒවා නොවේ. ඇය එම බැරෑරුම් මෙහෙවරෙහි යොදවන්නට රුසියානු සමූහාණ්ඩුව තීරණය කළ නමුත් ඇයට මහඟු අවස්ථාව උදාවූයේ නොසිතූ අහම්බ සිදුවීම් රැසක් හේතුකොට ගෙනය.

1961 අප්‍රියෙල් 12 වැනි දින මානව වර්ගයා අභ්‍යවකාශයට පළමු පියවර තැබීය. රුසියාවේ යූරි ගගාරින් වොස්ටොක් 1 අභ්‍යවකාශ යානයෙන් පෘථිවිය වටා පියාසර කළේය. එම වසරේම ටයිටොම්ගේ අභ්‍යවකාශගත වීමද සිදු විය. ඇමෙරිකා එක්සත් ජනපදයත් සෝවියට් රුසියාවත් එකිනෙකා පරයමින් අභ්‍යවකාශ තරගයකට පිවිස සිටියේය.
 
සෝවියට් නායක නිකිතා කෘෂෙව් තීරණය කළේ දැන් රුසියානු කාන්තාවකට අභ්‍යවකාශයේ ‍ෙදාර විවෘත කර දිය යුතු අවස්ථාව උදාවී තිබෙන බවය. කාන්තා සිරුර අභ්‍යවකාශයට ඔරොත්තු දෙන්නේ කෙසේද යන්න විද්‍යාඥයන් විසින් පරීක්ෂණ ආරම්භ කළ යුතුය යන්න සෝවියට් නායකයාගේ නිගමනය වූයේය. එහි පළමු පියවර වූයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා ස්ත්‍රී-පුරුෂ මිශ්‍ර කාර්ය මණ්ඩල අනුගත කිරීමය.
 
තෙරෙස්කෝවා උපත ලැබුවේ මධ්‍යම රුසියාවේ යරොස්ලාවල් ප්‍රදේශයේ බොල්ෂෝ මස්ලෙනිකෝවෝ නම් ගමකය. ඇගේ ළමා කාලය එකවර යුද දෙකකින් පීඩා වින්දේය. 1939 රුසියානු-ෆින්ලන්ත යුද්දයේදී ඇගේ පියා මිය ගියේය. 1942දී දෙවැනි ලෝක යුද්ධයේ නාසි හමුදා ඇගේ ගම්මානයට කිලෝමීටර් 50ක් තරම් ආසන්නයට පැමිණියේය. තෙරෙස්කෝවා මව සමඟ ගම හැරදා ගියාය.
 
ඔවුන් නැවත ගමට ආවේ 1945දීය. පාසල් ජීවිතය හමාර කළ ඇය ටයර් කම්හලක රැකියාවට ගියාය. එය බෙහෙවින් දුෂ්කර වූයෙන් දෙවැනුව ඇය රෙදි විවීමේ කම්හලක රැකියාවක් සොයා ගත්තාය.
 
ඇගේ දෛවය වෙනස් කරන තීරණය ඇය ගත්තේ රෙදි වියන්නියක වශයෙන් සේවය කරන අතරතුරය. එය අතිශය අහම්බයකි. තෙරෙස්කෝවාගේ මිතුරියක ඇයට විනෝදාංශයක් ලෙස ‘ස්කයි ඩයිවිං’ සමාජයට බැඳෙන්නට ඇරයුම් කළාය. ඇය ඒ අපූරු ඇරයුමෙන් මහත් පී්‍රතියට පත් වූවාය. ගුවන් යානාවක නැගී නිල් අහස සිසාරා ගොස් පැරෂුටයක ආධාරයෙන් පොළොවට පතිත වන ‘ස්කයි ඩයිවිං’ පුහුණුවේ ත්‍රාසයෙන් ඇය උන්මාදයට පත් වූවාය. සෑම නිදහස් තත්පරයක්ම ‘ස්කයි ඩයිවිං’ සමාජයේ ගෙවා දමන්නට ඇය ආශා කළාය. ඇගේ මව ඒ විනෝදාංශය කොහෙත්ම අනුමත නොකළාය. ඇය ගුවන්තොටුපොළට යෑම වළක්වනු පිණිස ඇතැම් දිනක නිවෙසේ ‍ෙදාරගුළු වසා දැමුවාය. එහෙත් ඇය වළකනු බැරි විය. තෙරෙස්කෝවා ස්කයි ඩයිවිං සමාජයේ කලාපීය ශූරියක වූවාය.
 
ගගාරින්ගේ ගුවන් ගමනින් පසු ලිපි දහස් ගණනක් කේ‍රම්ලිනයට ගලා ආවේ ඔහුගේ අඩිපාරේ යන්නට කැමැති රුසියානු තරුණ තරුණියන්ගෙනි. ඒ අතරේ රෙදි වියන්නියක වූ තෙරෙස්කෝවාගේ අයැදුම්පතද විය. පළමු කාන්තා අභ්‍යවකාශගාමියා සොයන ගගාරින්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයකට එම ලිපි බාරදෙනු ලැබීය. දීර්ඝ පරීක්ෂණයකින් පසු ඒ ලිපි අතරින් සියයක් වෙන් කරගැනිණි. සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් පසු තෝරාගත් කාන්තාවන් පස් දෙනා අතරේ තෙරෙස්කෝවාද සිටියාය. 1962 මාර්තුවලදී ඔවුන් මොස්කව් නුවරට කැඳවා පුහුණුවීම් ආරම්භ කරන ලදී.
 
තෙරෙස්කෝවා තමා යන ගමන මවට වසන් කළාය. ‘ස්කයි ඩයිවිං’ රුසියානු සමස්ත ශූරතාවට පුහුණුවන බව ඇය මවට කීවාය. ශුන්‍ය ගුරුත්වාකර්ෂණ පරීක්ෂණ ගැන නිහඬ කුටියක තනිව සිටි දින ගණනාව ගැන ඇය මවට කීවේ නැත. සෑම ගගනගාමියකුම විශ්වාස කළේ තමාගේ සෞඛ්‍ය තමා පාවා නොදුනහොත් නිසැක ලෙසම තමන් අභ්‍යවකාශයේ සිට පෘථිවිය දකින බවය.
 
1963 මාර්තු මාසයේදී වැලන්ටිනා තෙරෙස්කෝවා වොස්ටොක් 6 නියමුවා වශයෙන් තෝරා ගන්නා ලදී. ජුනි 6 වැනිදා ලොව ප්‍රථම කාන්තා අජටාකාශගාමිනිය රොකට්ටුව අසලට පැමිණියාය. සියල්ල නිවැරැදිව හා යහපත් අයුරු සිදු වෙමින් තිබුණේය. ඇය මහත් පී්‍රති ප්‍රමෝදයෙන් සිටියාය. ඕ තොමෝ වොස්ටොක් 6 කැප්සියුලයට ඇතුළු වන්නට පෙර අහස දෙස බලා කෑ ගැසුවාය.
 
“ඒයි අහස ඔයාගේ තොප්පිය ගලවන්න මම එනවා” වැලන්ටිනා සිනා හඬ අතරින් තෙපළාය.
 
අදින් වසර 56කට ඉහත සිදුවූ එම අභ්‍යවකාශ තරණය හිතන තරම් සුන්දර වූයේ නැත. ස්වයංක්‍රීය චලන මෘදුකාංගයක වරදක් හේතුවෙන් එය ඛේදවාචකයක් බවට පත්වන්නට විය. අභ්‍යවකාශ යානය කක්ෂය වටා දිවෙනු වෙනුවට පෘථිවි ග්‍රහයාගෙන් මිදී බැහැරට ගමන් කරන්නට වූයේය. තෙරෙස්කෝවා එය තේරුම් ගත්තාය. වහා මූලස්ථානය දැනුවත් කළාය.
 
යානය නිවැරැදි කරන්නට ගන්නා ලද උත්සාහයන් ව්‍යර්ථ විය. සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ කොරටොව් සහ යූරි ගගාරින් එක්ව නව ඇල්ගොරිතමයක් වර්ධනය කරන ලදී. සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන විසින් අතිශය රහසක් සේ සඟවාගත් මෙම සිදුවීම තෙරෙස්කෝවා විසින් පුවත් සේවාවකට හෙළි කරන ලද්දේ වසර 40කට පසුවය. රුසියාව විසින් හෙළි නොකළ තවත් විස්තර තිබේ.
 
සෝවියට් අභ්‍යවකාශ යානා පෘථිවියට පතිත වීමේදී යොදා ගන්නේ සයුර නොව ගොඩබිමය. තෙරෙස්කෝවාගේ යානය පතිත වීමට නියමිත වූ ප්‍රදේශයට නොව එය ඇල්ටේ නම් වෙනත් ප්‍රදේශයකට පතිත වූ අතර සොයා ගන්නා ලද්දේ ප්‍රදේශවාසීන් විසිනි. තෙරෙස්කෝවාට යානයෙන් පිටතට ඒමට උදවු කළේ ගම්වාසී කාන්තාවකි.
 
ඇය තෙරෙස්කෝවාගෙන් ඇසූ ප්‍රථම ප්‍රශ්නය වූයේ “ඔබ එහිදී දෙවියන් වහන්සේ දුටුවාද” යන්නය. තෙරෙස්කෝවා දින තුනම ආහාර ගෙන නොතිබූ අතර ඉතිරි ආහාර ඇය එම කාන්තාවට ත්‍යාග කර ඇල්ටේ ගමේ උදවිය පිරිනැමූ රාත්‍රි භෝජන සංග්‍රහයද පිළිගෙන ඇත.
 
එය අභ්‍යවකාශ මධස්ථානයේ නීති උල්ලංඝනය කිරීමක් බැවින් ඒ සම්බන්ධව තරවටු කිරීමක්ද සිදුව ඇත. දියණියගේ වීර ක්‍රියාව මව දැනගෙන තිබෙන්නේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයෙනි.

උපුටා ගැනීම: මව්බිම පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  716 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,556 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,988 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,525 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,704 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,662 Downloads



Top 10 Commenters

Latest Comments

Top