නිවුන් පුද්ගලයන් වෙනුවෙන් සැණකෙළියක් ප්‍රංශයේ පවත්වා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ප්‍රංශයේ ෆියුකැඩෝච් නගරයේදී පැවැත්වුණු සැණකෙළියකදියි. ඒ සඳහා ලොව පුරා නිවුන් පුද්ගලයින් 1500කට වඩා වැඩි පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අපුරු සැණකෙළිය නම් කරලා තිබුණේ වාර්ෂික නිවුන්නුන්ගේ සැණකෙළිය ලෙසයි.
මෙවර සැණකෙළිය අතරතුර පෙළපාලියක්,හමුවක් හා සුබපැතීමේ ඉසව්වක්ද පවත්වා තිබෙනවා.
ඊට අමතරව සංගීත සංදර්ශණයක් , ක්‍රීඩා ඉසව්වක් හා ඩිස්කෝ නර්තනයක්ද මේ සදහා එක්කර තිබීම විශේෂයක්.