ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමා පටයකට නැගෙන බව බොහෝ දෙනා දන්නවා.
එම චිත්‍රපටය නම් කර ඇත්තේද "800" ලෙසයි. එමෙන්ම මෙහිදී මුරලිදරන්ගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ දකුණු ඉන්දියානු සුපිරි නළු විජේ සේතුපති විසිනුයි.
නමුත් සිනමා පටයට රංගන දායකත්වය ලබා දෙන දකුණු ඉන්දීය නළු නිළියන්ට සිනමා පටයෙන් ඉවත්වන ලෙස දෙමළ හිතවාදී කණ්ඩායම් කිහිපයක් ඉල්ලීම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියාවේ දමිල ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජේ සේතුපති මේ ගැන අදහස් පල කර තිබුණා.
විජේ සේතුපති එහිදී පවසා තිබුණේ තමා මුරලිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන සිනමාපටයෙන් ඉවත් නොවන බවයි.
චිත්‍රපටයේ තිර රචනාවට කැමති බව පවසා ඇති විජේ සේතුපති, තවදුරටත් පවසා ඇත්තේ මුරලිදරන් වැනි විශිෂ්ටයෙකුගේ ජීවිත කතාව රැගත් සිනමා පටයට සම්බන්ධ වීමට ලැබීම ඔහුගේ භාග්‍යක් ලෙසයි.