උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් විසි දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
හිමාචල්, උත්තර්කාන්ද්, පන්ජාබ් යන ප්‍රාන්තවලට ඊයේ සිට වැසි ඇද හැලෙන අතර, යමුනා ගංඟාවේ ජල මට්ටම ඉහළ යාම නිසා ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි ඉන්දීය රජය නිවේදනය කළේ.
..