Madonna Louise කියන නමට මුළු ලෝකයම ආදරය කරනවා.ලොව සිටින අංක එකේ පොප් ගායිකාවක් වූ මැඩෝනා සිය 61 වැනි උපන්දිනය පසුගියදා උත්කර්ශවත් අන්දමින් සැමරුවා.
එක්සත් ඡනපදයේ කීර්තිමත් ගායිකාවක් ගීත රචිකාවියක් සහ සාර්ථක ව්‍යපාරික ගැහැණියක් ලෙස අභියෝග ජයගනිමින් ජීවිතය දිනාගත් මඩෝනාට 61 වැනි උපන්දිනය විශේෂ එකක් වුනා. ඒ තමයි ඇය වෙනුවෙන් ඇය විසින් හදාගත් දරුවන් උපන්දින උත්සවය සංවිධානය කිරීම.
මැඩෝනා ඇමෙරිකා එක්සත් ඡනපදයේ විශිෂ්ට කලාකරුවන් උදෙසා පිදෙන ඉහළම සමිමාන සහ සහතික හිමි දෙවන කලාකාරිනියයි. ලොව පුරා විකුණූ ඉහළම සංගීත තැටිවල වාර්තාවට හිමිකමි කියන්නේත් ඇයයි. මිලියන 300 ක් ඉක්මවූ එය ගිනස් වාර්තාවක්.