මාස කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ අස්ථි කොටස් කිහිපයක් බගවන්තලාව චැපල්ටන් තේ වතු යායේ තිබී හමුවී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව සිට ඇත්තේ බගවන්තලාව - කොටියාගල වතුයායේ පදිංචිව සිටි 42 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය පැවසුවේ.
අතුරුදන්ව සිටි පුද්ගලයාගේ ජංගම දුරකථනය හරහා සිදුකළ දීර්ඝ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම අස්ථි කොටස් හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම කාන්තාව අතුරුදන්ව සිටි පුද්ගලයාගේ ජංගම දුරකථනය සිය සන්තකයේ තබාගැනීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඇය පවසා ඇත්තේ තමන් වතුයායේ සේවය කරන දිනක නාදවෙමින් තිබූ ජංගම දුරකථනයක් අහුලා ගත් බවයි.