සීගිරිය - ගෙඩිගස්වලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු තමන්ට පරම්පරාවෙන් ලැබුණු කුඹුරේ අස්වැන්න අලින්ට ආහාර පිණිස ලබාදී එම ඉඩමද සඟ සතු කිරීමේ පුවතක් අද වාර්තා වුණා.
75 හැවිරිදි මොහු තම අක්කර භාගයක වී වගා කරන ලද කුඹුර මැදින් පොහෝ දිනය වන අද (05) දිනයේ අලින්ගේ පාරිභෝජනයට ලබාදී ඉන් අනතුරුවයි පිදුරංගල රජමහා විහාරයට පූජා කෙරුණේ.