Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
19
"හැමෝම කියනවා එයා බොරුවට මැරුණා කියලා, එයා හැංගිලා ඇතිලු..." - අවුරුදු 35ක් බාල පෙම්වතාට රැවටී මහමඟට වැටුණු ස්කොට්ලන්ත කාන්තාවගේ කතාව - Photos

- "හැමෝම කියනවා එයා බොරුවට මැරුණා කියලා, එයා හැංගිලා ඇතිලු..." - අවුරුදු 35ක් බාල පෙම්වතාට රැවටී මහමඟට වැටුණු ස්කොට්ලන්ත කාන්තාවගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
"මම දේපළ විකුණලා කෝටි දෙකක් ගෙනත් එයාට දුන්නා.."

"එයා හැමදාම ගෙදර ආවේ නැහැ, දවසක් ආරංචි වුණා  එයා වෙන කෙනෙක් කසාද බැන්දා කියලා.."

"එයාට වෙඩි වැදිලා කියලා ගියා බලන්න, කෙල්ලෙක් කිව්වා එයා මැරුණා කියලා, ඒත් එයාගේ සිරුර දැක්කේ නැහැ.."

ඇයගේ වයස අවුරුදු 61 යි. ඔහුගේ වයස අවුරුදු 26 යි. ඒ කියන්නේ මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 35 යි. ඒත් ඒ පරතරය ඇගේත් ඔහුගේත් ආදරයට කිසිම විදියක බාධාවක් වුණේ නැහැ. එහෙම වුණා කියලා මේ ආදර කතාව ලස්සනට ගලාගියාද? ඒ කතාවේ අවසානය පී‍්‍රතිමත්ද? මේ ආදර කතාව ලස්සනට ගලා ගියත් එහි අවසානය කිසිසේත්ම පී‍්‍රතිමත් වුණේ නැහැ. ඒ අවසානය ඛේදවාචකයක්.

ඩයනි ද සොයිසා කියන්නේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් පළාතේ ජීවත් වූ 61 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. ජාතියෙන්, බ්‍රිතාන්‍ය වුණත් ඇය සම්භවයෙන් ශ්‍රී ලාංකිකයි. ඒ නිසා ඇයට ශ්‍රී ලංකාව ගැන ලොකු කැක්කුමක් තිබුණා. ඉතින් ඇය නිතරම ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ස්කොට්ලන්තයේ ඉඳන් ලංකාවට ඇවිත් සතියක් දෙකක් ඉන්නවා කියන එක ලොකු වියදමක් යන වැඩක්. එවැනි එක සංචාරයක් සඳහා රුපියල් මිලියනයක් විතර වැය වන අවස්ථා තිබෙනවා. එහෙත් මුදල් ගැන කල්පනා නොකළ ඩයනි ද සොයිසා නිතරම ලංකාවට ඇවිත් දකුණු පළාතෙත් කඳුකරයෙත් හෝටල්වල නැවැතිලා හිටියා.

මේ අනුව මෙයට වසර 8 කට පෙර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කළ වාරයකදී ඇයට නවතින්න සිද්ධ වුණේ අහුන්ගල්ලේ සංචාරක හෝටලයකයි. ඒ හෝටලයේදී ඇයට සුවිශේෂී පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහුගේ නම ප්‍රියන්ජන. වයස අවුැදු 26 යි. ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 35 යි. මේ දෙදෙනාගේ පළමුවන හමුවීම හරිම විසිතුරුයි. දකුණු පළාතේ නැරඹිය යුතු තැන් ගැන ඇය ඔහුගෙන් අහනවා. ඔහු ඒ තැන්වලට ඇය එක්ක යනවා. පළමු අවස්ථාවේදී ඔවුන් අතර සම්බන්ධය විදේශීය සංචාරක කාන්තාවක සහ දේශීය සංචාරක මඟ පෙන්වන්නකුට සීමා වුණා. දෙවනුව එය ක්‍රමයෙන් මිතුරුකමක් බවටත් පසුව ප්‍රේමයක් බවටත් පරිවර්තනය වුණා. ඔවුන් අතර තිබූ අවුරුදු 35 ක වයස් පරතරය ඔවුන්ගේ ප්‍රේමයට කිසිදු බාධාවක් වුණේ නැහැ. ඩයනි මහත්සේ ප්‍රියන්ජන්ට ආදරය කළා. ඒත් ප්‍රියන්ජන් ඩයනිට ආදරය කළාද? කොහොම නමුත් ඩයනි කල්පනා කළේ ප්‍රියන්ජන් ඇයට ආදරය කරන බවයි. ඒ වනවිටත් ඔවුන් අඹුසැමි සම්බන්ධය පටන්ගෙන තිබුණා.

හරියටම අවුරුද්දක් ගතවෙද්දී ඩයනි තීරණය කළා ප්‍රියන්ජන් සමග දිගටම ජීවත් විය යුතුයි කියලා. ඇය මේ තීරණය ගත්තේ ප්‍රියන්ජන්ගේ සමග අවසන් හමුවීමෙන් පසු ස්කොට්ලන්තයට ගිය විටයි. ඒ අනුව තවත් මාස කිහිපයකට පසු ඇය ලංකාවට ඇවිත් ඒ බව ප්‍රියන්ජන්ට කියනවා. ඒ එක්කම ප්‍රියන්ජන් ඇයට කියනවා නීත්‍යනුකූලව ලංකාවේදී විවාහ වෙමු කියලා.

මුලදී ඩයනි එයට අදිමදි කරනවා. ඒත් ප්‍රියන්ජන්ගේ ඇවිටිල්ල බැහැර කරන්නට බැරි තැන ඇය එයට එකඟ වෙනවා. ’’ අපි කසාද බැන්දේ 2012 දී. ඒ කියන්නේ දැනට අවුරුදු හතකට ඉස්සරයි. මඟුල් දවසට කලින් දවසෙ ප්‍රියන්ජන් හිටියේ හුඟක්ම කලබලයෙන්. මඟුල් දවසේ රෙජිස්ට්‍රාර් ඉදිරිපිටදී මමත් ඔහුත් අප එකිනෙකා අඹුසැමියන් විදියට භාරගන්නා බවටත් දුකේදී මෙන්ම සැපේදීත් එක්ව සිටින බවටත් දිවුරුම් දෙනවා. මේක කොපමණ බරපතළ දෙයක් ද කියන එක හැබෑවටම මට වැටහුණේ ඒ මොහොතේදී...’’ පසුගියදා ලන්ඩනයේ පුවත්පතක්  සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඩයනි ද සොයිසා කියා හිටියා. තමන්ගේ විනාශය එතැනින් පටන් ගන්නා බව ඩයනි ඒ වෙලාවේදී දැනගෙන සිටියේ නැහැ. ඇය කල්පනා කළේ තමන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේදී ආදරයේ හිරු පෑයූ බවයි. හැබැයි සන්ධ්‍යාවෙන් පස්සෙ ඝනාන්ධකාරය වන බවත්, හඳ එළිය නොතිබුණොත් තවත් කළුවරේ අතරමං වන බවත් ඇයට කල්පනා නොවන්නට ඇති.

මේ විවාහය ගැන ඩයනි මුලින්ම හිතුවේ මෙහෙමයි. :‘‘ ප්‍රියන්ජන් මට හුඟක් ආදරෙයි. අපේ වයස් පරතරයවත් නොතකා එයා මාව බඳින්න කල්පනා කරන්න ඇත්තෙත් ඒ නිසයි.’’ කොහොම වුණත් අන්තිමේදී ඇය තීරණය කරනවා ස්කොට්ලන්තය සහ ලංකාව අතර පවත්වාගෙන ගිය ජංගම ජීවිතය අත්හැර දමලා අහුන්ගල්ලේ පදිංචියට එන්න. ඒ සඳහා ඇය මුලින්ම කරන්නේ ස්කොට්ලන්තයේ තිබුණ තම දේපළ විකුණලා පවුම් ලක්‍ෂයක් (රුපියල් කෝටි 2 ක්) උපයා ගැනීමයි. වසර 2015 දී ඇය එම මුදලත් අරගෙන ලංකාවට එනවා. එයින් ප්‍රියන්ජන්ට ගෙයක් හා කුඩා බස් රියක් ඇයම මිලට ගන්නවා. තවත් මුදල් තොගයක් ඔහු අතට දෙනවා. විවාහයෙන් පස්සෙත් ඩයනි දිගටම ජීවත් වුණේ අහුන්ගල්ලේ තාවකාලික නවාතැනකයි. ප්‍රියන්ජන්ගේ මව ඇතුළු පවුලේ අය ඩයනි මිලට ගත් නිවසේ පදිංචි වෙනවා. විවාහයෙන් පස්සේ ඔහු ඇය බලන්නට එන්නේ ඉතාම කලාතුරකින්. ඔහු රැය ගත කරන්නේ සිය මවගේ ගෙදර.

ප්‍රියන්ජන් සමග විවාහයෙන් අවුරුදු හතරකට පස්සේ, එනම් 2016 දී ඇයටම සිය ජීවිතයේ ශෝකජනකම ආරංචිය ලැබෙනවා. එයින් කියැවෙන්නේ ප්‍රියන්ජන් වෙනත් තරුණියක සමග විවාහය වී සිටින කෙනෙක් බවයි. හැබැයි ඇය මේ ගැන අහල ප්‍රියන්ජන් එක්ක දබර කරන්නේ නැහැ. ඒත් ඔවුන් අතර නිතරම අවුල් හට ගන්නවා. මිල මුදල් සම්බන්ධයෙන්. මේ අතර අවසන ඇයට ආරංචියක් ලැබෙනවා. දාමරිකයන් දෙදෙනෙක් ප්‍රියන්ජන්ට වෙඩි තබා ඇති බව. ඇය ඒ මොහොතේම රෝහලට දුවන්නේ තම තරුණ සැමියා දැක ගන්නටය. ඒත් රෝහල් භූමියේ හිටිය තරුණ කාන්තාවක් කියනවා ප්‍රියන්ජන් ටිකකට පෙර මියගිය බව. ඔහුගේ පපුව වෙඩි පහර දෙකකින් සිදුරු වී ඇති බවත් සිරුර මරණ පරීක්‍ෂණය සඳහා ගෙන ගිය බැවින් බලන්නට බැරි බවත් ඇය ඩයනිට කියනවා.

‘‘ඒත් හැමෝම කියන්න පටන් ගත්තා ප්‍රියන්ජන් බොරු  මිනීමැරුමක් මවා පාලා, හැංගිලා ඉන්නවා කියලා. මම ලංකාවෙන් ගියාම ඔහු එළියට ඒවි කියලත් ඒ අය කිව්වා...’’ ඒ තමයි ඩයනි බිඳුණු හඬින් කියන කතාව,

මේ අතර ප්‍රියන්ජන්ගේ මරණය ඇත්තටම සිදුවූ දෙයක් ලෙස පිළිගන්නා අයත් අහුුන්ගල්ලෙ ඉන්න බව ඩයනි කියනවා. ප්‍රියන්ජන් කළ වංචාවට නිසි දඬුවම තුවක්කුකරුවන්ගෙන් ඔහුට ලැබුණ බවයි. ඒ අයගෙ මතය. කොහොම වුණත් ඩයනි ද සොයිසා අද සතේ අතේ නැති ගැහැනියක්. ලංකාවේදී ඇයට හමුවූ ප්‍රේම පාරාදීසයෙන් හදිසියේ ආපු ඝන මීදුමකින් වැහිලා ගිහින්. ඒ මීදුම දිය කළ හැකි ප්‍රේමයේ හිරුරැස් ඒ ප්‍රේම පාරාදීසයට කවදාවත් වැටෙන්නේ නැහැ.

යුගත්ති යශෝධරා




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top