අරලියගහ මන්දිරයේදී පස්වරු 4ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම, ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහි කිරීමට නියමිත නව සන්ධානය පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් අද දිනයේ පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට සැලසුම් කර තිබුණ ද එය යළිත් කල් ගිය බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
මීට පෙර ද එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට නියමිතව තිබුණද, එය සැලසුම් කළ දිනයේ පැවතියේ නැහැ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මෙම සතියේදී පැවැත්වීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
අනිද්දා දිනයේ බොහෝදුරට මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බවයි වාර්තාවන්නේ.