Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
18
"දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරි වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්. ඒ වගේ කාලයක් තමයි මම පසු කළේ" - වොල්ගා කල්පනී - Photos

- "දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරි වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්. ඒ වගේ කාලයක් තමයි මම පසු කළේ" - වොල්ගා කල්පනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,576 Views
මොකක් හරි දෙයක් ලියැවිලා තියෙනවා නම් ඒ දෙයට මම මුහුණ දේවි.....

ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් ස්තූතියි සහ සමාවෙන්න කියන්න ඕනේ.....

මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්න නිර්මාණ ගැන මුලින්ම කීවොත්?

මම කොහොමත් කාර්යබහුල නිළියක් නෙමෙයි. ඒ වුණාට මේ කාලයේ නාට්‍ය කිහිපයක් යනවා.

සිනමාවට එන්න කැමැත්තක් නැද්ද?

සිනමා නිර්මාණයක් සඳහා දායක වුණා. මෑත කාලයේදී ජයලත් මනෝරත්න මහත්මයා එක්ක නිර්මාණයක් කරන්න හිටියා. එතුමාගේ අසනීප තත්ත්වයත් එක්ක ඒ දේ ටිකක් එහාට මෙහාට වුණා. ඒක මගේ ජීවිතේ අවාසනාවක්.

මම කරන දේ ආසාවෙන් කරන්නේ. සමහර ටෙලිනාට්‍යය තියෙනවා දවසට සීන් 18ත් 20ක් විතර කරපු. නමුත් ඒකට සහය අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදකවරයා කියන්නේ නාලිකාවෙන් ගෙවන ගාන අඩුයි, ඒ නිසා පුළුවන් තරම් අපි වැඩ කරන්න ඕනේ කියලා. මම හිතන්නේ රංගන වෘත්තීය කියන දේ නිදහසේ කරන්න ඕනේ දෙයක්.

චරිතවලට කොටු වෙලාද?

නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් මගේ මොකක්දෝ වාසනාවකට මට හම්බවෙන්නේ විවිධ විවිධ චරිත. බොළඳ පෙම්වතිය කියන චරිත මට නිතර ලැබෙන්නේනත් නැහැ. ඒ දේ කරන්න මම ආසත් නැහැ. විවිධාකාර චරිත වගේම තමයි ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියක් එක්ක වැඩ කරන අවස්ථා තමයි මට විශේෂයෙන් ලැබෙන්නේ. ඒකට මම ඉතාමත් කැමැතියි.

නිර්මාණයක් සඳහා වැය කරන මුදල අවම නිසාද මෙවැනි වාතාවරණයක් බිහි වෙන්නේ?

නිෂ්පාදකවරයාගේ අඩුවක් නෙමෙයි මම කියන්නේ. නිෂ්පාදකවරයා අනිවාර්යෙන්ම සාධාරණයි. නිෂ්පාදකවරයාට චැනල් එකෙන් ගෙවන ගාන හරි අඩු වෙනවා. නිෂ්පාදකවරයා බලන්නේ ඒ වියදම් කරන දෙයට උපරිම දෙයක් කර ගන්නයි. ඒකට අපිට කාටවත් දොස් කියන්න බැහැ. ඉස්සර ටෙලිනාට්‍යයකට නාලිකාවකින් මෙච්චර ගාණක් ගෙව්වා, දැන් ගෙවන්නේ මෙච්චරයි කියලා මම අහල තියෙනවා. හැබැයි ඒ කතා මම දැකලා නැහැ.

ඔබගේ විවාහය බිඳවැටීම ගැන විවිධ තොරතුරු වාර්තා වෙනවා නේද?

ඔව්. මම දික්කසාද වෙලා ඉන්නේ. ඒක ඇත්ත තමයි.

ඔබ දෙපළගේ විවාහ දිවියට ගොඩක් දෙනෙක් ආශිර්වාද කළා සහ කතා කළා නේද?

මම ඔය ප්‍රශ්නය ගැන කතා කරද්දී මම කියන්න කැමැති මම දික්කසාද වෙලා කියන දේ විතරයි. එතනින් එහාට ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් ස්තූතියි සහ සමාවෙන්න කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ ඒකට. ඒක කර ගන්න බැරි වුණා. ඒක එහෙම වුණා.

නවකයන් ක්ෂේත්‍රයට එකතු වීම ගැන මොකද හිතෙන්නේ?

මමත් බොහොම අලුත් කෙනෙක්. මේ මෑතකදී තමයි මටත් පස්සේ අලුත් කට්ටියක් ආවේ. මම දකින්නේ ගොඩක් දෙනෙක් නිළියෝ කියලා ඔළුව උදුම්මවාගෙන ඉන්නවා. මම හැම තිස්සෙම කියන්නේ මේ වෘත්තීයට ආදරය, ගෞරවය කරන්න ඕනේ. අපි සෙට් එකට ගියාම දකිනවා පිටපත් එහෙ මෙහෙ දාලා, ඒවා උඩ වාඩි වෙනවා. මම කියන්නේ ඒ සමහර අලුත් අයගේ ගෞරවය නැතිකමයි ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. තිසුරි යුවනිකා, ශලනි තාරකා, දිනක්ෂි මට වැඩිය ගොඩක් ප්‍රවීණ අය. මම ක්ෂේත්‍රයට එන්න ගොඩක් කලින් තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ අය තුළින් මම ඒ ගෞරවය දැකලා තියෙනවා. ඊයේ පෙරේදා ආපු අයගෙන් ඒක දකින්නේ නැහැ. අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු ඒ අයව, නැත්නම් සමහර නාලිකාවලින් ඒ අයව පුම්බනවාද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ අඩුපාඩු අපි අපිම කතා කරලා හදාගන්න ඕනි.

 
ජීවිතේ බලාපොරොත්තු මොනවාද?

ව්‍යාපාරයක් තියෙනවා පටන් ගන්න. ඒ ව්‍යාපාරයට ලෑස්ති වෙලා ඉන්නේ. ඊට අමතරව මම ආසයි හොඳ වැඩවලට සහභාගී වෙන්න. ඒ වගේම වොල්ගා කල්පනී කියන නම ඉදිරියෙන් හොඳ නිළියම කියන කෑල්ල ගන්න මම ආසයි හැමදාම. ඒවා කරගෙන පෞද්ගලික ජීවිතේ බොහොම නිදහසේ සතුටින් තමයි කැමැති.

ඉදිරියේදී තනිකඩවම ජීවත් වෙනවාද?

තාම හිතුවෙ නැහැ ඇත්තටම. හැබැයි මම කියන්න ඕනේ ජීවිතේ කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නැහැ. මම දන්නේ ජීවිතේ කියන්නේ ලියැවිලා තියෙන දෙයට මුහුණ දෙන එක කියලයි. මොකක් හරි දෙයක් ලියැවිලා තියෙනවා නම් ඒ දෙයට මම මුහුණ දෙයි.

ඒ කියන්නේ ජීවිතේ සැලැස්මක් ඇතුව ජීවත් වෙන්න බැහැ කියන එකද?

මම කතා කළේ දෛවය ගැනයි. දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරි වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්. ඒ වගේ බැරි වෙච්ච දෙයක් තමයි මම පහුගිය කාලේ පසු කළේ. ඉතින් සමහර දේවල් තියෙනවා ජීවිතේ දෛවයේ තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. අපි ඒකට මුහුණ දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන දේ අපි බාර ගන්න ඕනා. ඒක තමයි ජීවිතය.

ඩිලාන් ක්‍රිෂාන්ත



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  703 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,531 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,948 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,516 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,681 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  801 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,657 Downloads



Top 10 Commenters

Latest Comments

Top