නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
නවසීලන්තය තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 249 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.
නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 285 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදි දෙවන ඉනිමේදී කණ්ඩායමක් ලකුණු 265 ඉක්මවා රැස් කළ පළමු අවස්ථාව ද මෙයයි.
එහිදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලූ 4 ක්ද, ධනංජය ද සිල්වා කඩුලූ 3 ක්ද බිඳ හෙලූ අතර, ළහිරු කුමාර කඩුලූ 2 ක් ලබාගැනීමට සමත්වුණා.
ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිව තිබු ඉලක්කය ලකුණු 268ක්.
ඒ අනුව කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකාව සමත්වුනා.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 122යි. එය ඔහුගේ 9 වන ටෙස්ට් ශතකයයි.