උතුර, උතුරුමැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියේ.
යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවනවා.
සෙසු පළාත්වල තැනින් තැන සවස 2න් පමණ පසුව වැසි යහෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ සහ සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලිමීටර් 50ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති වීමේ හැකියාවක් පවතිනවා.
එමෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ක්ෂණිකව ඉහල යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.