යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ධුරයේ නිල කාලය අදින් අවසන් වීමට නියමිතයි.
2017 වසරේ ජූලි 19 වනදා යුද හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන් ඔහු වසර දෙකකට අධික කාලයක් සිය ධුරයේ කටයුතු කළා.
කෙසේ වෙතත්, යුද හමුදාපතිවරයෙකුගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල පවතිනවා.
යුද හමුදා ආරංචි මාර්ග අනුව, හමුදාපතිවරයාට එලෙස සේවා දිගුවක් ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ඊයේ පස්වරුව වනවිටත් දැනුම්දීමක් සිදුකර නැහැ.
යම් හෙයකින් එලෙස සේවා දිගුවක් ලබා නොදෙන්නේ නම් මීළඟට යුද හමුදාපතිවරයා ලෙස පත් වීමට නිලධාරින් කිහිපදෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අතර, යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඉදිරියෙන්ම සිටිනවා.
එසේම, යුද හමුදා නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මෙන්ම ස්වෙච්ඡා බලසේනාංකාධිපති සහ ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ද මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ඇතුළත්.