Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
17
ජනතා හරසර මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය උපන් ගමට යයි - Video

- ජනතා හරසර මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය උපන් ගමට යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,614 Views
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට දැක්වූ සහයෝගය සේම ජනතාව තමන්ට ද සහය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 

ඔහු මේ බව සඳහන් කලේ බෙලිඅත්ත ප්‍රදේශයේ අද දහවල් පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින්.

ජනාධිපති අපේක්ෂකත්වය හිමිවූ ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ පළමුවෙන් සිය උපන් ගම වන විරකැටිය - මැදමුලනෙහි පිහිටි ශ්‍රී ධර්මගිරුවා සෑ විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. 

අනතුරුව, තම උපන් නිවස වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ගම්වාසීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවයි අප වාර්තාකරු කියා සිටියේ. 

පසුව, මැදමුලනේ පිහිටි සිය දෙමාපියන්ගේ ස්මාරකය වෙත පැමිණි ඔහු ඊට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. 

එම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.  

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ තම සහෝදරයාට මෙන් තමාට ද ජනතාවගේ සහය සහ සංඝරත්නයේ ආශිර්වාදය අපේක්ෂා කරන බවයි.

ඉන් අනතුරුව, මුල්කිිරිගල රජමහා විහාරස්ථානයට පැමිණි පිරිස ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු බෙලිඅත්ත හරහා දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණියා. 

එහිදී මග දෙපස සිටි ජනතාවගෙන් ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. 

විෂ්ණු දේවාලයේදී ශ්‍රී කල්‍යානි වංශික මහා නිකායේ අනුනායක, ආචාර්ය පූජ්‍ය දෙවිනුවර නන්ද හිමියන් අනුශාසනාවක් සිදුකළා.

මාතර ඓතිහාසික අප ස්වාමි දුවගේ දේවස්ථානයට පැමිණි පිරිස ආගමික වතාවත්වල නිරත වූ අතර සිද්ධස්ථාන පාලක මයිකල් කොලින් පියතුමා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට දේවාශිර්වාද එක් කළ අතර, එම අවස්ථාවට ගාලූ පදවියේ අනුනායක චාල්ස් හේවාවසම් පියතුමා ද එක්ව සිටියා. 

මෙම අවස්ථාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. 

අනතුරුව, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හික්කඩුව, සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයට පැමිණ තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,620 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,411 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,267 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  309 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,381 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top