Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
17
බ්‍රිතාන්‍යය මහ රැජිණගේ පුත් ඇන්ඩෲ කුමරුට ලිංගික අපචාර චෝදනා එල්ල වෙයි - Photos

- බ්‍රිතාන්‍යය මහ රැජිණගේ පුත් ඇන්ඩෲ කුමරුට ලිංගික අපචාර චෝදනා එල්ල වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,575 Views
මුල්ම චෝදනාව එල්ලව ඇත්තේ 2015 වසරේදී..
රජ පවුලත් ලොකු ආන්දෝලනයකට මැදිවෙලා..
 
බ්‍රිතාන්‍යය රජ පවුල මේ දිනවල විශාල ආන්දෝලනයකට මැදිවී සිටියි. එයට හේතු වී ඇත්තේ රජ පවුලේ ප්‍රධානම පෙළේ සාමාජිකයකු වන ඇන්ඩෘෘ කුමරුට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා වගයකි.

ඇන්ඩෘ යනු බ්‍රිතාන්‍යය මහ රැජිනගේ තුන්වැනි දරුවායි. ඔහු චාල්ස් කුමරුගේ බාල සොහොයුරෙකි. (ඈන් කුමරිය සහ එඩ්වඩ් කුමරු ඇන්ඩෘගේ සෙසු සොයුරු, සොයුරියන්ය.)
 
ඇන්ඩෘ කුමරුට එරෙහිව එල්ල වන ලිංගික අපචාර චෝදනාවට පදනම් වන්නේ ඔහු බාල වයස්කාර දැරියක සමඟ ලිංගිකව හැසිරී ඇතැයි යන්නයි. මෙම චෝදනාව මුල්වරට එල්ල වූයේ 2015 වසරේයි.

නමුත් මෙයට ටික දිනකට පෙර එය නැවතත් කරළියට ආවේය. ඒ සමඟම දැන් ඇන්ඩෘ කුමරු පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක් යොමු වෙමින් ඇති අතර ඔහු මෙන්ම රජ පවුලද විශාල ආන්දෝලනයකට මැදිවී සිටියි.
 
වසර කිහිපයක් යටපත්ව තිබූ මෙම සිද්ධිය නැවත කරළියට ආවේ මෙයට සති කිහිපයකට පෙර ඇමෙරිකානු ජාතික බිලියනපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සමඟිනි. මෙම ව්‍යාපාරිකයාගේ නම ජෙෆ්රි එප්ස්ටීන්ය.
 
ඔහු මූල්‍ය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ජෙෆ්රි එප්ස්ටීන් අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ ඔහු ලිංගික සේවා සඳහා තරුණියන් ප්‍රවාහනය කළාය යන චෝදනාවකි. මේ ආකාරයෙන් ගෙන්වා ගත් තරුණියන් ඔහු ලිංගික වහලියන් ලෙස තබාගෙන ඇති බවටද චෝදනා එල්ල වෙයි.
 
අවුරුදු 14 වැනි වයස්වල පසු වූ බාල වයස්කාරියන් පවා මේ ආකාරයෙන් ඔහු තබාගෙන සිට ඇති බව සඳහන් වේ. ඉතා ධනවත්, බලවත් මිතුරු පිරිසක්ද ඔහු වටා සිටි බව පැවැසෙන අතර මෙම ඇතැම් මිතුරන්ද ඉහත කී තරුණියන්ගෙන් ලිංගික අවශ්‍යතා ඉටු කරගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.
 
එප්ස්ටීන් පසුගිය ජූලි මාසයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර කලින් විභාග වී තිබූ, මෙයට අදාළ තවත් නඩුවක අධිකරණ ලේඛන වගයක් මේ අතරතුර විවෘත කරනු ලැබිණි. මෙම ලේඛන එතෙක් තිබුණේ මුද්‍රා තබාය. ඇන්ඩෘට එරෙහි චෝදනාද අඩංගු වූයේ මෙම ලේඛනවලය.
 
මෙම පරණ නඩුව එප්ස්ටීන්ට තරුණියන් සැපයූ බව කියන ගිස්ලේන් මැක්ස්වෙල් නමැති කාන්තාවකට එරෙහිව වර්ජිනියා ජුෆ්රේ නමැති තරුණියක විසින් පවරනු ලැබූවකි. වර්ජිනියා යනු කලකට පෙර එප්ස්ටීන්ගේ ලිංගික වහලියක ලෙස සිටි බව කියන තරුණියකි. කෙසේ හෝ වේවා එහිදී වර්ජිනියා ජුෆ්රේ නැමැති තරුණිය ඇන්ඩෘ සම්බන්ධයෙන්ද සඳහන් කර තිබේ.
 
ඔහු ඒ වනවිට 17 වැනි වියෙහි බාල වයස්කාරියක වූ ඇය සමඟ ලිංගිකව හැසිරී ඇති බවක් මෙම ලේඛනවල සඳහන් වෙයි. ඇන්ඩෘ සමඟ ලිංගිකව හැසිරෙන ලෙස කලින් සඳහන් කළ මැක්ස්වෙල් නමැති කාන්තාව වර්ජිනියාට බල කර ඇති බවක්ද එහි සඳහන් වී තිබේ.
 
කෙසේ වෙතත්, 2015 වසරේ මේ ගැන මේ ආකාරයෙන් මුලින්ම චෝදනා නැඟුණු අවස්ථාවේ බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබිණි. කෙසේ නමුත් දැන් ජෙෆ්රි එප්ස්ටීන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ නැවතත් මෙම ආන්දෝලනාත්මක කාරණා උණුසුම් පුවත් මැවීමට පටන් ගෙන ඇත. ඇන්ඩෘ කුමරු දරු දෙදෙනකුගේ පියෙකි. ඔහු විවාහ වී සිටියේ සාරා ෆර්ගියුසන් සමඟය. නමුත් මේ වනවිට ඔවුන් සිටින්නේ දික්කසාද වීය.
 
කෙසේ හෝ වේවා, පසුගිය දිනවල මෙම චෝදනා නැවත කරළියට විත් ඒ ගැන මාධ්‍ය අවධානය යොමු වෙද්දී එම ආන්දෝලනය තවත් උණුසුම් කරන සිදුවීමක් සිදුවිය. එනම් ඒ වනවිට අත්අඩංගුවේ සිටි ජෙෆ්රි එප්ස්ටීන් සිර ගෙදරදී අබිරහස් ලෙස මරණයට පත්වීමයි. ඔහු මෙයට ටික දිනකට පෙර ඔහුගේ සිර මැදිරිය තුළ සිහිසුන්ව වැටී සිටියදී සොයා ගන්නා ලද අතර පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව හෙළිවූයේ ඔහු මිය ගොස් ඇති බවයි.
 
මේ වනවිට පැවැසෙන්නේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවට සැක කරන බවයි. නමුත් ජෙෆ්රි එප්ස්ටීන් දැඩි ආරක්‍ෂාවක් යටතේ රඳවා තබා තිබූ රැඳවියකු බවටද කලින් තොරතුරු වාර්තා වී තිබිණි. ඒ මෙයට සති කිහිපයකට පෙරද ඔහු දිවි නසා ගැනීමට උත්සාහ ගෙන ඇති බවට සැක මතු වීම නිසාය. එසේනම්, එවැනි ආරක්‍ෂාවක් යටතේ සිටි ඔහු දිවි නසා ගත්තේ කෙසේද යන්න ගැන විවිධ අදහස් සහ විවේචන එල්ල වන්නට පටන් ගත්තේය.
 
එප්ස්ටීන් බොහෝ බලවත් පුද්ගලයන් පිළිබඳ රහස් දැන සිටි නිසා කිසිවකු සැලසුම් කර ඔහු ඝාතනය කරන්නට ඇති බවටද අදහස් සංසරණය වනු දැකිය හැකිවිය. මෙවැනි අදහස් වැඩිපුරම පැතිරුණේ සමාජ මාධ්‍ය තුළයි. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් වැනි අය පවා එප්ස්ටීන්ගේ මිතුරන්ව සිට ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය තුළ ඔවුන්ට එරෙහිවද කටකතා පැතිරෙනු දැකිය හැකි විය.
 
එප්ස්ටීන්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇති අතර ඔහු රඳවා තිබූ බන්ධනාගාරයේ නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන ඇති බවක්ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර එප්ස්ටීන්ගේ මරණය සම්බන්ධ මරණ පරීක්‍ෂණ වාර්තාව පසුගියදා නිකුත්ව තිබිණි. ඔහුගේ බෙල්ලේ අස්ථි කිහිපයක් බිඳී ඇති බවක් එහි සඳහන්ව ඇති බැව් වාර්තා වේ.
 
එයට හේතුව කුමක්ද යන්න වාර්තාවේ සඳහන්ව නැත. එහෙත් මෙවැනි අස්ථි බිඳීම් ගෙල වැලලා ගැනීමකින් මෙන්ම කිසිවකු ගෙල සිරකිරීමෙන්ද ඇති විය හැකි බවට තුන්වැනි පාර්ශ්ව අදහස් පළ කර තිබිණි. මේ නිසා තවමත් මෙම අබිරහස විසඳී අවසන් බවක් පෙනෙන්නේ නැත.
 
මේ අතර ඇන්ඩෘ කුමරු මේ සිද්ධියත් සමඟ අර්බුදයට මුහුණ දී සිටින අවස්ථාවේ ඔහුගේ කලින් බිරිය සාරා ඔහුගේ සහායට ඉදිරිපත්ව සිටින බවක්ද පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. ඔවුන් කලින් දික්කසාද වී සිටියද ඔවුන් අතර කිසිදු මතභේදයක් නොතිබුණු බවටද එකල පිළිගැනීමක් තිබිණි.
 
මෙම සිද්ධියෙන් පසු සාරා ඇන්ඩෘ සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ස්පාඤ්ඤය බලා ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. ඒ ඔහුගේ සිත සන්සුන් කිරීමේ අරමුණින් වියහැකිය. මහ රැජන මෙන්ම ඇන්ඩෘගේ දියණියන් වන ඉයුජීන් සහ බියටි්‍රස්ද ඇන්ඩෘගේ සහායට පැමිණ ඇති බව සඳහන් වේ.
 
කෙසේ නමුත් ජෙෆ්රි එප්ස්ටීන්ගේ අබිරහස් මරණය පිළිබඳ විමර්ශන ඉදිරියට යද්දී තවත් ආන්දෝලනාත්මක බොහෝ දේ එළියට ආ හැකි බවටත්, ඒවා බොහොමයක් එප්ස්ටීන්ගේ මිතුරන්ට හිසරදයක් විය හැකි බවටත් අදහස් පළවෙමින් තිබේ.
 
සනත් වික්‍රමගේ
මව්බිම

Image result for Royal news: Prince Andrew accused of sexual groping
Related image
Related image
Image result for Royal news: Prince Andrew accused of sexual groping
Image result for Royal news: Prince Andrew accused of sexual groping
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,102 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,325 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,554 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  305 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,717 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  341 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,439 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,704 Downloads



Top 10 Commenters

Latest Comments

Top