Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
17
"එයා මම ගැන නිතරම හොයලා බලනවා. ඒ නිසාම ඔහු නැතුව ගෙවන ජිවිතේ පාළුවක් දැනෙනවා.." - උමාරියා සිංහවංශ

- "එයා මම ගැන නිතරම හොයලා බලනවා. ඒ නිසාම ඔහු නැතුව ගෙවන ජිවිතේ පාළුවක් දැනෙනවා.." - උමාරියා සිංහවංශHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
"මම කවදාවත් අඩනිරුවත හෝ නිරුවත මාකට් කරන්නේ නැහැ.."

"මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ මගේ සැමියා.."

උමාරියා සිංහවංශ කියන්නේ ළයාන්විත හඩක් ඇති තවත් විටෙක බලසම්පන්න හඩක් එක්ක සංගීතය මුසු කරමින් ගීත නිර්මාණ කරන දක්ෂ ගායිකාවක්. ඒ ළයාන්විත හඩ කෙටි කලකින් ජනතාව අතරට ඇවිත් තවමත් ජනප්‍රියත්වයේ රැදී සිටින ගායිකාවක් කිව්වොත් නිවැරදියි. ගායන ශිල්පිණියක් ලෙසින් විවිධ ගීත ගායනා කරමින් ජනතාවට සමීප වෙන උමාරියා ඇයට ආදරය කරන සුවහසක් ජනයා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. "රැඟුමේ" අලුත්ම ගීතයත්  එක්ක ජනතාව අතරට එන උමාරියා ඒ ගැන හා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කිව්වේ මේ විදිහටයි.

උමාරියා ගැන මේ දවස්වල ටිකක් වැඩිපුර කතා කරනවා නේද..?
මේ දවස්වල මගේ අලුත්ම ගීතය රසවිදින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගීතය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එක එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම ප්‍රතිචරයක්ම සතුටින් භාරගන්නවා. හැමෝම කියන්නේ ඒ ගීතය ලස්සනයි කියලා. ඒ නිසා මටත් සතුටුයි.

"රැඟුමේ"  ගීතය ගැන කිව්වොත්..?
ඒ ගීතය පද රචනය කළේ මනුරංග. සංගීතය නිර්මාණය කළේ මගේ සැමියා. තාල රූ තමයි මේ ගීතයට වීඩියෝ නිර්මාණය කළේ. මේ ගීතය ලස්සන නිර්මාණයක් විදිහට එළිදක්වන්න මට ලොකු උවමනාවක් තිබුනා. ඒ නිසා වීඩියෝ එකට අවශ්‍ය පසුබිම හා නර්තනය සදහා මම පැරිස්වල මාස දෙකක කාලයක් නර්තනය පුහුණු වුණා. රන්මිණි තැන්න හා ගල්කිස්ස සුපිරි හෝටලයක තමයි රූගත කිරීම් කළේ.

මේ ගීතයේ සංගීතය ඔබේ සැමියා නිර්මාණය කළේ. ඔහු දක්ෂ සංගීත ආචාර්යවරයෙක්. නමුත් ඔහු විදෙස් රටක ජිවත් වුනු කෙනෙක් හැටියට ඔහුගේ සංගීත නිර්මාණය මේ ගීතයේ පදරචනාවට කදිමට ගැලපුනා කියලා ඔබ විශ්වාස කරනවද..?
එයා ප්‍රංශයේ ඉපදිලා එහෙ ජිවත් වුණාට එයාගේ දෙමාපියන් ශ්‍රීලාංකිකයින්. එයාලා හැමෝම අපේ සංගීතය රසවිදිනවා. ඒ වගේම මගේ සැමියාට හොද සංගීත ඥානයක් හා දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා මට එයත් එක්ක වැඩකරන්න හරිම ලෙහෙසියි. ගැටළු මතු වෙන්නේ නැහැ. එයාට අපේ රටේ සංගීතය ගැනත් දැනුමක් තියෙන නිසා මේ ගීතයට එයාගේ සංගීත අධ්‍යක්ෂණය හොදටම ගැලපුනා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ ගීතයට ගිටාර් වාදනයෙන් khiredin kati කියන දක්ෂ ගිටාර් වාදකයා සම්බන්ධ වුනා. ඔහු ඇල්ජීරියාවේ දක්ෂ ගිටාර් වාදකයෙක්.

ගීතයක් නිර්මාණය කළොත් බොහෝ ගායක ගායිකාවන් වෙළෙදපොල සදහා භාවිතා කරන්නේ අඩනිරුවත් රූප රචනා. මේ රැල්ලෙන් ඔබ්බට යන එක ඔබට අභියෝගයක් නෙමෙයිද..?
මම කවදාවත් අඩනිරුවත හෝ නිරුවත මාකට් කරන්නේ නැහැ. මගේ දෙමාපියන් ගැහැණු ළමයෙක් විදිහට පුද්ගලිකත්වය තියාගෙන ජිවත් වෙන්නේ කොහොමද කියලා මට උගන්වලා තියෙනවා. ඔවුන්ගේ ආදරේ හා රැකවරණය එක්ක මම හැදුනේ හොද පසුබිමක. ඒ නිසා මට අවශ්‍ය නැහැ ඒ රැල්ලට ගිහින් මගේ ගීත මාකට් කරන්න. මගේ ගීත ජනතාව ආදරයෙන් භාරගන්නවා නම් මට ඒ රැල්ල කොහෙත්ම අභියෝගයක් නෙමෙයි.

ඒ වගේම කියන්න ඕන මම නිතරම මම ආදරය කරන ජනතාවට දෙන්න උත්සහ කරන්නේ හොද දෙයක් කියන එක.

මිට කලින් කළ නිර්මාණ එක්ක මේ ගීතය වෙනස් වෙන්නේ කොයි විදිහටද..?
මගේ කලින් නිර්මාණ එක්ක බලද්දී මේ ගීතයේ ලොකු වෙනසක් දැකගන්න ලැබෙනවා. සංගීතය ගත්තත් කටහඩ ගත්තත් පදමාලාව වගේම එම ගීතයට නිර්මාණය වූ රූප රචනාව ගත්තත් සෑහෙන වෙනස්. ලංකාවේ මේ වගේ ගීතයක් මිට කලින් නිර්මාණය වෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ ගීතයේ හඩ, නර්තනය, රගපෑම් සියල්ලට ඉන්නේ මම. උසස් තත්ත්වයකින් වීඩියෝ එකත් නිර්මාණය වෙලා තියෙනවා. මේ සියලු සංකලනයන් එක්ක මේ ගීතය වෙනසක් ගන්නවා කිව්වොත් මම හරි.

ඔබේ සංගීත ගමනට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද..?
එයා ජිවත් වෙන්නෙත් සංගීතය එක්ක. ඒ නිසා අපි දෙන්නට ගණුදෙනු කරන්න හරි පහසුයි. පවුල් ජිවිතේ ගත්තත් හොද අවබෝධයකින් ජිවත් වෙන්නේ. මට ලොකු සහයෝගයක් ලැබෙනවා එයාගෙන් සංගීත ජිවිතේ සාර්ථක කරගන්න. එයා වැදගත් පවුලක කෙනෙක් නිසා මාව හොදින් තේරුම් අරගෙන ඉන්නේ.

විවාහ වෙලා එතරම් කාලයක් නැහැ. නමුත් ඔබ ලංකාවේ ඔහු ප්‍රංශයේ. ලංකාවෙන් ඈත් වෙන්නද උමාරියා හිතන්නේ..?
කොහෙත්ම නැහැ. ලංකාවෙන් ඈත් වෙන්නවත් සංගීතයෙන් ඈත් වෙන්නෙවත් නැහැ. අපි තවමත් තරුණයි. ඒ නිසා මේ කාලේ අපි කරගන්න වැඩකටයුතු කරගන්න ඕන. වයසට ගිහින් කරන්න බැහැ. මම සංගීතයට ආදරෙයි. ඒ වගේම තමයි මගේ පවුල් ජීවිතයටත් මම ආදරෙයි. මට පවුල් ජීවිතය වටිනවා. මගේ සැමියාව මට වටිනවා. කොහොම නමුත් මම පුළුවන් හැමවෙලාවකම එයාව බලන්න යනවා. එයත් නිවාඩුවක් ලැබුණු ගමන් දැන් ලංකාවට එනවා.

ආදරේ කරන දෙන්නෙක්ට  ඈත් වෙලා දෙතැනක ඉන්න අපහසුයි. එහෙම නේද..?
එයා හරිම කරුණාවන්ත ආදරණිය පුද්ගලයෙක්. ඔහුගෙන් ටිකක්වත් ඈත් වෙලා ඉන්න දැන් මට හිතෙන්නේ නැහැ. හරි ලෝබයි. ඔහු මට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මම ගැන නිතරම හොයලා බලන කෙනෙක්. ඒ නිසාම ඔහු නැතුව ගෙවන ජිවිතේ පාළුවක් දැනෙනවා. ඔහුගේ අම්මත් නංගිත් මගෙත් එක්ක ඉන්නේ. ඒ නිසා ඔහු නැති අඩුව ටිකක් දැනෙනවා අඩුයි.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top