Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
16
"සහරාන් මවුලවිගේ ඉදිරිපිට අත් දික් කරලා දිවුරුම් දුන්නා, බෝම්බ හදන ක්‍රම පෙන්නුවා.." - පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් සමඟ අවිපුහුණුව ලැබූ තරුණයෙකු හෙළි කළ කතාව - Video

- "සහරාන් මවුලවිගේ ඉදිරිපිට අත් දික් කරලා දිවුරුම් දුන්නා, බෝම්බ හදන ක්‍රම පෙන්නුවා.." - පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් සමඟ අවිපුහුණුව ලැබූ තරුණයෙකු හෙළි කළ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,414 Views
ට්‍රිප් එකක් යනවා කියලා තාත්තා නුවරඑළි එක්කන් ගියා..
සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේම ජිහාඩ් ගැන කියලා දුන්නා..
ලොකු තුවක්කුයි, පොඩි තුවක්කුයි පෙන්නුවා..
 
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනි නායකයා ලෙස කටයුතු කළ නවුෆර් මවුලවි නැමැත්තාගේ 16 හැවිරිදි පුත්‍රයා අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ, සහරාන් සමඟ නුවරඑළිය කඳවුරකදී පුහුණුව ලබා ඇති බවට හෙළි වූ තොරතුරු මතයි.
 
මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබුහසාම් ලෙස හඳුන්වන 16 හැවිරිදි අදාළ සැකකරු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ රාජ්‍ය බුද්ධි සේවාව ලබාදුන් තොරතුරු මතයි.

කැකුණගොල්ල, අරක්යාල, බන්දියන්වැව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.
 
සැකකරුගේ පියාවන නවුෆර් මවුලවි ද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
 
ගෙවුණු දින කිහිපයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයින් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සියලු දෙනා සහරාන් සමඟ නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණුව ලබා ඇති බවට සැකකෙරෙනවා.
 
මේ අතර දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන් හෂීම්ගේ බිරිඳවන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කර තිබුණා.
 
ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරුණු සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයට අදාළවයි.
 
එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඇය රහස් ප්‍රකාශයක් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
 
ඇයට අමතරව මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පියා සහ තවත් ඥාතියෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. 
 
මේ අතර, ඉරාකයෙන් සහ සිරියාවෙන් තම බලය හීනව යාම හේතුවෙන් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකරුවන් තම බලය කේන්ද්‍රස්ථානය කර ගැනීමට බලාපොරොත්තු වන රටවල් අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවද තිබෙන බව ඇමරිකාවේ සන්නද්ධ ගැටුම් අධ්‍යයනය කිරීමේ වාර්තාව උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  279 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  727 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,165 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,426 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  283 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  301 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,838 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,078 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,896 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top