Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
16
හම්බන්තොටට ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් - Video

- හම්බන්තොටට ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,742 Views
ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ දිනයේ තමා ඉදිරිපත් කළේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිලිවෙළක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
 
ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
 
‍ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමෙන් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ගමන ආරම්භ කළේ කතරගම අභිනවාරාම විහාරස්ථානයට පැමිණ අශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.

ඔහු එහිදී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කතරගම අභිවනාරමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැදුටුවා.
 
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානය වෙත ගමන් කළ අතර එහිදී මග දෙපස රැස්වී සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
 
පෙරවරු 9.30 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තිස්සමහාරාම රජමහා විහාරස්ථානය වෙත පැමිණියා.
 
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා තිස්සමහාරාම, සඳගිරි උභය රජමහා විහාරාධිපති මාතර - හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක අචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තා.
 
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තිස්සමහාරාම සෑ රදුන් වැඳ ආශිර්වාද ලබා ගත් අතර එහිදී භික්ෂූන් වහන්සේ විසින් අනුශාසනාවක්ද සිදු කළා.
 
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය ප්‍රාර්ථනා කරමින් සෙත් පිරිත් සජ්ඣායනයක්ද සිදු කළා.
 
ආගමික වතාවත් වල නිරත වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තිස්සමහාරම නගරය වෙත ගමන් කළ අතර එහිදී රැස්ව සිටි ජනතාවගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.
 
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට දක්වා ගමන් කළ අතර ඒ අතරතුරද ඔහු පිළිගැනීම වෙනුවෙන් ජනතාව ස්ථාන කිහිපයකම රැස්ව සිටියා.
 
පස්වරු 12.30 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට නගරයට ළඟා වුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පස්වරු 2.00 ට පමණ අම්බලන්තොට නගරයට පැමිණියා.
 
ඔහුට සුභ පැතීම සඳහා විශාල පිරිසක් එම නගරයට රැස් වී සිටි අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.
 
එම ස්ථානයේ ජන හමුවක්ද සංවිධාන කර තිබුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ද එහිදී රැස්ව සිටි ජනතාව ඇමතුවා.
 
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා අගුණුකොලපැලැස්ස නගරයට පැමිණි අතර එහිදී ද රැස්ව සිටි පිරිසගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,227 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,135 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,657 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,357 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,888 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,148 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,282 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,410 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,037 Downloads



Top 10 Commenters

Latest Comments

Top