Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
16
"අපි ඔයාලට කියපුවාහාම එන්නෙ පැය දෙකකට පස්සෙ...." - මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ කඩොලාන විනාශයක් පිළිබඳව හිරු CIA අනාවරණයෙන් පසු ඊයේ සිදු වූ දේ - Video

- "අපි ඔයාලට කියපුවාහාම එන්නෙ පැය දෙකකට පස්සෙ...." - මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ කඩොලාන විනාශයක් පිළිබඳව හිරු CIA අනාවරණයෙන් පසු ඊයේ සිදු වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,724 Views
හිරු එකෙන් ඇද්දෙ නැත්නම් රාජකාරි කරලා තිබ්බද?
දැන් ඔයා කිව්ව එක නිවැරදි කරන්න...
 
මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ කඩොලාන විනාශයක් පිළිබඳව හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 14 වැනිදා අනාවරණයක් සිදුකළා.
 
එම ප්‍රදේශයේ කළ හෙළි පෙහෙළි කිරීම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පොලිසිය ලබාදුන් උපදෙස් මත සිදුකළ බවයි ඉඩමේ හිමිකම වෙනුවෙන් පෙනී සිටි කාන්තාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ.
 
ශ්‍රී ලංකාව සතු වැදගත්ම නාගරික තෙත්බිම් කලාපය වන්නේ මුතුරාජවෙල තෙත් භූමියයි.

කොළඹ නගරයට වරින්වර ඇතිවන ගංවතුර තර්ජනය පාලනය කරනා මුතුරාජවෙල කඩොලාන පරිසරය පසුගියදා යෙදුනු රජයේ නිවාඩු දින කිහිපයේදී සංවිධානාත්මක පිරිසක් යාන්ත්‍රික කියත් උපයෝගී කරගෙන සුනුවිසුනු කරන බව අප හිරු සී.අයි.ඒ.හරහා හෙළි කළා.
 
අපගේ අනාවරණයත් සමග ගම්පහ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එම කඩොලාන විනාශය නිරීක්ෂණයට ඊයේ පැමිණියා.
 
ඒ වනවිටත් වටිනා කඩොලාන පරිසරයේ අක්කර ගණනාවක් වන සංහාරකයින් විසින් විනාශ කර අවසන්.
 
මෙම හෙළිපෙහෙළි කිරීම් සදහා අනුබල දුන් කාන්තාවක් වන නිලධාරීන් හමුවේ අදහස් දක්වද්දී වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආර්.විජයකුමාර් නම් මහතා පැමිණ ප්‍රකාශ කලේ දින 10 ක් තුල මෙම හෙළිකිරීම් සිදුකර අවසන් කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.
 
මෙම ස්ථානයට ගොවිජන සේවා නිලධාරීන් ද පැමිණ සිටි අතර හිරු ප්‍රවෘත්ති ඔස්සේ මෙම හෙළිකිරීම් පිළිබද ඔවුන් ප්‍රදේශවාසියෙකු සමග බහින් බස් වුණා.
 
අපගේ අනාවරණයෙන් පසු කලබල වී ඇති මෙම රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස රාජකාරී ඉටු කළ බව පවසන්නේ මේසා විශාල කඩොලාන විනාශයක් සිදුකිරීමට ද ?

අපට නැවත නැවතත් මෙම නිලධාරීන්ගෙන් විමසීමට ඇති ප්‍රශ්නය එයයි.


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  600 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  9,959 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,599 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,274 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,715 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,837 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,978 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,191 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,281 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,017 Downloads



Top 10 Commenters

Latest Comments

Top