Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
16
පාතාලයේ කෙරුමෙක් වූ ආනමාලු රංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු පොලීසියට කොටු වූ හැටි මෙන්න - Video

- පාතාලයේ කෙරුමෙක් වූ ආනමාලු රංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු පොලීසියට කොටු වූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
මාදම්පිටිය සුසාන භූමියේදී අපරාධ කල්ලි සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලිය සහ වත්තල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලදී අදාළ සැකකරුවන් සමඟ කඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
අපරාධ කල්ලි සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ මොහොමඩ් ඉම්රාන් නැමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයෙක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරුවන් සොයා වත්තල සහ මට්ටක්කුලිය ප්‍රදේශවලදී අද සිදුකළ මෙහෙයුම් අතරතුර කඩු දෙකක්, මොට ආයුධයක්, යතුරු පැදියක් ත්‍රිරෝද රථයක් සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
සැකකරුවන් අතරින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකින් අද පස්වරුවේ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියදී.
 
අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමේදීයි.
 
අදාළ පුද්ගලයින් තිදෙනා 19 හැවිරිදි මොහොමඩ් රම්ලාන්, 18 හැවිරිදි සුදෙස් අසංක සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කෝලිත ද සිල්වා හෙවත් අජා නැමති අපරාධ කල්ලි සාමාජිකයන් බව පොලිසිය සඳහන් කළා.
 
කෝලිත ද සිල්වා නොහොත් අජා නැමති සැකකරු කුඩු රොෂාන්ගේ බාල සහෝදරයා බවට අනාවරණය වී තිබෙනවා.
 
ආනමාලු රංග සහ මොහොමඩ් ඉම්රාන් යන පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා පැමිණි පුද්ගලයන්ගේ බවට සැක කරන ත්‍රි රෝද රථයක් ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී පොලිසිය සොයාගත්තා.
 
ඒ ඔස්සේ ආරම්භ කළ විමර්ශනවලින් අනාවරණ වී තිබුණේ අදාළ ත්‍රිරෝද රථය කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳවන 30 හැවිරිදි ඩබ්ලිව්. ඒ. නිරෝෂනී හෙවත් අරුණි බබා නැමැත්තියට අයත් බවයි.
 
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලියේ පිහිටි ඇගේ නිවසේ සිදු කළ සෝදිසියකදී කඩු දෙකක් හමු වී තිබෙනවා.
 
කුඩු රොෂාන්ගේ බිරිඳවන අරුණි බබා මේ වන විට බන්ධනාගාර ගත කර සිටින්නේ පසුගිය මාර්තු මාසයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.
 
මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සිදුකළ වැටලීමකදී මත්කුඩු ග්‍රෑම් 3 ක් සහ මත්කුඩු විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 10 ක මුදලක් සමඟ ඇය පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.
 
ඝාතනයට ලක්වූ ආනමාලු රංග නැමැත්තාගේ ඥාතියෙකු වන පාතාල සාමාජික චූටි උක්කුවා නැමැත්තා ද 2016 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණා.
 
ඒ පිළිබද චෝදනා එල්ල වූයේද අරුණි බබා නැමැත්තියගේ සැමියාවන කුඩු රොෂාන්ටයි.
 
අනතුරුව කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
 
නඩු විභාගයෙන් අනතුරුව පසුගිය මාසයේදී කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
 
ඒ නඩුවට අදාළ සාක්ෂි පරස්පර වීම හේතුවෙන්.
 
ඒ අනුව පොලිසිය සැක පළ කළේ ඊයේ තියුණු ආයුධවලින් පහර දී සම්පත් නිරෝෂන් හෙවත් ආනමාළු රංග ඝාතනය කිරීමේ සිද්ධිය, අධිකරණයෙන් නිදහස් වූ කුඩු රොෂාන් නැමැත්තාගේ කණ්ඩායම විසින් සිදුකරන්නට ඇති බවටයි.
 
මේ අතර මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගත් මෙම ඝාතනයේ සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top