රුසියාවේ, මොස්කව් නුවරින් ගුවන්ගත වූ යානයක් එන්ජිමේ කුරුළු රංචුවක් ගැටීම නිසා එය අසල වූ තිරිඟු වගා භූමියකට ගොඩබැසීමක් සිදුකර තිබෙනවා.
මෙසේ යානය ගොඩබෑම නිසා යානයේ ගමන්ගත් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ක්ෂණිකව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
යූරල් ගුවන් සේවයට අයත් යානය එයාර්බස් 321 මාදිලියේ යානයක් බවත්, ක්‍රිමියාව බලා ගමන් කිරීමට ගුවන්ගත වූ අවස්ථාවේදී මෙම අනතුරට යානය මුහුණදී ඇති බවත් සඳහන්.
මේ අතර, මේ ආකාරයේ ගොඩබෑමක් සිදුකර යානයේ ගමන්ගත් මගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ආශ්චර්යයක් බව එරට මාධ්‍ය පවසනවා.
එම ගුවන් සේවය පවසා සිටියේ මෙම ගොඩබෑම නිසා යානය බරපතළ ලෙස හානියට පත්ව ඇති බවයි.
එය යළි ගුවන්ගත කිරීමට සුදුසු තත්ත්වයක නොපවතින බවද ඔවුන් පවසනවා. එමෙන්ම, මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද අරඹා තිබෙනවා.