බුත්තල පොලිස් වසමේ ජනාවාස 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි බුත්තල පොලිසිය කියයි.
දැරියගේ මව මේ සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත. ජංගම දුරකථනයක පටිගත වූ ඇමැතුමක තොරතුරු අනුව මෙම තොරතුරු අනාවරණ වී තිබේ.
මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. සැකකරු යතුරුපැදියේ නංවාගෙන සැකකරුගේ ඥාති නිවෙසකට රැගෙන ගොස් එහිදී අපහරණය කර ඇත. පිහියක් පෙන්වා කිසිවකුට පැවැසුවහොත් මරාදමන බවට තර්ජනය කර තිබේ. පසුව නැවත යතුරුපැදියෙන් ගෙනවිත් දමාගොස් තිබේ.
වින්දිත දැරිය රෝහල් ගතකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ කරයි.
"මව්බිම"
වැල්ලවාය - ජී.අයි. රොෂාන්