ඡායාරූපවල තිබෙන්නේ වසර 3357ක් ඉපැරණි, ඊජිප්තුවේ ටයී නම් රාජිණියගේ මමීකෘත උඩුකයයි.
ඇය තුන්වන අමේන්හොටේප් ගේ රාජකීය බිරින්දෑ වෙමින් අකිනේටන් නම් දරුවෙකු වැදූවා.
ඔහු පසු කලෙක ඊජිප්තු ඉතිහාසය බිහිකළ මතභේදාත්මකම පාරවෝ බවට පත්වෙමින් ඊජිප්තු අගනගරය, ආගම, අති ඉපැරණි සංස්කෘතිය උඩු යටුකුරු කරවූ පාළකයෙක් වුණා.
ඉන්පසු ඔහුගේ පුත් වූ ඊජිප්තුවේ අතිසුප්‍රකටතම පාරාවෝ ලෙස සැළකෙන තූතන්කාමූන් රාජ්‍යත්වයට පත් වුණා.
1898 දී දෙවන අමෙන්හොටේප් ගේ සුසානාගාරය තුළ තිබී මෙම රැජිණගේ මමිය සොයාගත්ත්තා.
2010 වසරේදී සිදුකල DNA පරීක්ෂණ මගින් සනාථකොට, ඉහත කී රජවරුන් (පාරාවෝ) හා ඇය අතර ඥාතීත්වය තහවුරු කළා.
ඊජිප්තුවේ බොහෝ දෙනා මෙම රැජිණට "ටයී" යැයි කියා ආමත්‍රණය කරනු වෙනුවට 'වයස්ගත ආර්‍යාව' ය කියා ආමන්ත්‍රණය කරන්නේ කිසියම් ආදර භක්තියකිනුයි.
ඊජිප්තු ඉතිහාසයේ අති සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙකුට මෑණියන්ද, මිත්තණියන්ද වූ ඈ සැටවස් සම්පූර්ණව මිය ගිය බව ඉතිහාසය සාක්ෂ්‍ය දරනවා.
නමුත් මිය යන විටත් ඇය අති සුරූපිණියක වන්නට ඇති බව මමීකෘත උරහිස, කර අස්ථිය, නිකට ඇතුළුව සියවස් තිස්තුනක් ඉපැරණි ඇයගේ මළදේහය සාක්ෂ්‍ය දරනවා.
දරදඩුව නිසලව රජවරුන්ගේ නිම්නයේ KV35 නමින් නම්කල පාෂාණමය සුසානය තුළ අදටත් එලෙසින්ම ඇයගේ මමිය තැන්පත් කර තිබෙනවා.
"ඓතිහාසික ඡායාරූප පිටුවෙනි"