ඔවුන් මොහොමඩ් කාසීම් මොහොමඩ් අකීල් හෙවත් අබු සුලෙයිමාන්, හිස්බුල්ලා ඛාන් හුස්මි අහමඩ් හෙවත් අබු හම්දා, අබ්දුල් හලීම් මොහොමඩ් හෙවත් අබු හිජයිනා බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් දෙදෙනා සහරාන් හෂීම් සමග නුවරඑළිය කඳවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කඳවුරේත් පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේවන විට ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානයේ ක්‍රියාකාරීන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඉන් 9 දෙනෙකු අම්පාර පොලිසියේත්, තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටතේත් රඳවාගෙන විමර්ශන සිදුකෙරෙනවා.
මේ අතර, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ පැවති වැඩසටහනකදී ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව අදහස් පළ කළා.
"පහුගිය අවුරුදු 5ක කාලය තුළ 700කට වැඩිය මුස්ලිම් කරලා තියනවා සිංහල කෙල්ලෝ, ඉලන්දාරි. ඒක ආක්‍රමණයක් නෙවෙයිද? මේවා කතා කරන එක ජාතිවාදිද? අද කිව්වා කියලා දිනපොතක ලියලා තියාගන්න. වැඩි කාලයක් යන්න කලින් අපි සංවිධානය නොවුණොත් වසන්ති මොහොමඩ්ලා එක්ක ගිහිල්ලා සිංහලයෝ ඉස්සරහ ෆාතිමාලා විදිහට ඇවිල්ලා අපේම ගෑනු අපේ ඉස්සරහා මැරෙයි. එක පවුලක් අපිට හම්බුණා පෙරියමුල්ලේ. තට්ටු හතරේ එකතුව ගෑණු 20යි, පිරිමි 4යි, ළමයි 86යි... ඔය විදිහට ස්ථාන 6ක ළමයි බෝකරන අර ගොවිපළවල් දාලා. එහෙම කරන්න කියලා ලෝක මුස්ලිම් නායකයෝ උපදෙස් දීලා තියනවා.."
මේ අතර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ වත්මන් ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදීන්ට යටත්ව ක්‍රියා කරන බවයි.
මේ අතර, පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පොලිස් විමර්ශනවල ප්‍රමාදය සම්බන්ධව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.