අපේ පුතා... මොනවා වුණාද දන් නෑ..
පාතාලේ එක්ක සම්බන්ධයක් නෑ..
පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ තවත් අයෙකු ග්‍රෑන්ඞ්පාස් - මාදම්පිටිය - පොදු සුසාන භූමියේදී තියුණු ආයුධවලින් පහරදී අද ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.
ආනමාලු රංග 39 හැවිරිදි වියේ පසුවන අතර ඝාතනයට ලක්වූ කාසිම් ඉම්රාන් නමැති අනෙක් පුද්ගලයා 22 හැවිරිදි වියේ පසුවනවා.
මොවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.
මියගිය පුද්ගලයින් සුසාන භූමියේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා පැමිණ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තවත් පිරිසක් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සිද්ධිය වන අවස්ථාවේදී සුසාන භූමිය තුළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි පිරිසක් ද රැදී සිට තිබෙනවා.
මෙලෙස මියගිය ආනමාලු රංග නමැත්තා, 2016 වසරේ ඔක්තෝම්බර් මස 23 වනදා මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ චූටි උක්කුවා නමැති පාතාල සාමාජිකයාගේ ඥාතියෙකු ද වනවා.
ඔහු සමඟ එම අවස්ථාවේදී වෙඩි වැදීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් නමැත්තාටයි.
අනතුරුව ඔහු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත්තා.
කෙසේ වෙතත්, පැවති නඩු විභාගයෙන් අනතුරුව පසුගිය මාසයේදී මොහු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගනු ලැබුවේ සාක්ෂි පරස්පරවීම හේතුවෙන්.
අද දිනයේ තියුණු ආයුධවලින් පහරදී සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ තවත් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් නමැත්තාගේ කණ්ඩායම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා. VIDEO