අඩි 12/12 ප්‍රමාණයේ කාමරක් තුල අඩි 30ක් පමණ වළක් කපලා.....
නිවස තුල නිධානයක් ඇති බව දේවාලයකින් කියලා.....
පොළොන්නරුව නවනගරය ප්‍රදේශයෙ නිවසක නිධන් ඇතැයි කාමරයක් තුල අඩි 30ක් යට කැණිම් කරමින් නිධන් ගැනිමට තැත්කල පිරිසක් ඉකුත් පෝය (14) දින පස්වරුවේ දි එම නිවස හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු හා කැණිම් කරන ලද උපකරන සමග අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් වැටලිම් ඒකකය කියයි.
මෙසේ කැණිම් කර ඇත්තේ පොළොන්නරුව නවනගරයේ අංක 168 ග්‍රාමසේවක වසමේ නිවසක් තුල බව පොලිසිය පවසයි.
මෙම වැටලිම සිදුකර ඇත්තේ 14 දින දහවල් පොළොන්නරුව පොලිසියට ලද තොරතුරක් මත මෙම ලිපිනය සොයා ගොස් පරික්ෂාවට ලක් කල අවස්තාවේ දි එහි කැණිම් කරමින් සිටි නිවස හිමි පුද්ගලයා සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙක් එහි සිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කැණිම සිදු කර ඇත්තේ නිවස නොපෙණෙන ලෙස ලෑලිවලින් ආවරණය කර දමා අඩි 12/12 ප්‍රමාණයේ කාමරක් තුල අඩි 30ක් පමණ වළක් ඉතා සුක්ෂම ලෙස කැණිම් කරමින් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් උපකරණ අතර වතුර මෝටර් එකක්, විදුලිය භාවිතා කර කැණීම් කරන යන්ත්‍රයක්, කුළුගෙඩි, යකඩ ඉණි සහ පුජා භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් නිවස හිමිකරු ගෙන් පොලිසිය කල ප්‍රශ්න කිරිම් හමුවේ ඔහු පවසා ඇත්තේ නිවස තුල නිධානයක් ඇති බවට දේවාලයකින් කියු නිසා එය ලබා ගැනිමට කැණිම් කල බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ඒ .පි ධමිමික විරසේකර මහතාගේ උපදේස් පරිදි පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් ඒකකයේ සහ දිසා විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ටී. බී එස් .පී. කේ ජයතිලක,පොලිස් සැරයන් 38835 සේනාරත්න, 57428 ගාමිණි, පොලිස් කොස්තාපල් 81971 ආරියරත්න, 84978 ප්‍රේමරත්න, පොලිස් රියදුරු 27088 කුලතුංග, නිළධාරින් මෙම වැටලිම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ උපකරණ අධිකරණ කටයුතු සිදු කිරිම සදහා පොළොන්නරුව පොලිසියට භාර දුන් බව පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් වැටලීම් ඒකකයේ නිළධාරින් පැවැසුහ.
"මව්බිම"
හිඟුරක්ගොඩ - ප්‍රියා