බිරිඳ ඝාතනය කර ඇත්තේ පසුගිය 8 වෙනිදා..
වසරකට පෙර වම් අත ඉවත් වන ලෙස කපා වෙන්කරලා..
ආණමඩුව රඹාවැව තම්මැන්නාවැව ඉස්මත්තේ දංගසක ලණුවක ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටි පුද්ගලයකුගේ සිරුරක් අද ( 15) දින අලුයම සොයා ගත් බව ආණමඩුව පොලීසිය පවසනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නැබඩවැව පදීංචි දෙදරු පියකු වන සුනිල් ශාන්ත නැමති 42 හැවිරිදි පුද්ගලයෙක්.
මෙසේ මරණයට පත්වු තැනැත්තා පසුගිය 8 දින අලුයම සිය බිරිඳ පොරවකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි පොලීසිය සඳහන් කළේ.
එලෙස ඝාතනයට ලක්වු රසිකා ප්‍රියර්ශනී නැමති 40 හැවිරිදි දෙදරු මව සිය සැමියා දිගින් දිගටම සිදුකල කෲර අමානුෂීක ලෙස වඳ දිම් ඉවසා ගැනිමට නොහැකිව තනිව නිවසේ වාසය කරමින් සිටියදී සැමියා විසින් ඝාතනය කර තිබු බවට පොලිස් පරික්ෂණ වලදී සනාථ කරගෙන තිබුණා.
එසේ ඝාතනයට ලක්වු කාන්තාවට සියදිවි නසාගෙන සිටින පුද්ගලයා (සැමියා ) විසින් වසරකට පෙර පහර දී තියුණු ආයුධයකින් වම් අත ඉවත් වන ලෙසට කපා තිබු බවද පොලීසිය පවසනවා.
අදාළ සැකකාර පුද්ගලයා දංගසක එල්ලි සියදිවි නසා ගෙන සිටින ආකාරය වැව් ඉස්මත්තේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක පොලීසියට දන්වා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරික්ෂණ පවත්වනවා.