Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
රූප රැජිනියක් වගේ ලස්සන නිරුපිකාවක් වූ පෙම්වතියගේ ලස්සන දරාගන්න බැරිවුන පෙම්වතා ඇයට සිදුකළ මිලේච්ඡ අපරාධය - Photos

- රූප රැජිනියක් වගේ ලස්සන නිරුපිකාවක් වූ පෙම්වතියගේ ලස්සන දරාගන්න බැරිවුන පෙම්වතා ඇයට සිදුකළ මිලේච්ඡ අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,908 Views
පිරිමින් සමඟ අනිසි ලෙස හැසිරීම ඉවසන්න බැරි වුණාලු...
 
රූමත්කම විනාශ කරන්න සැලසුමක් හදලා..
 
හඳුනා ගැනීමට නොහැකි වන ලෙස මුහුණත් හිසත් කුඩු පට්ටම් කර ඝාතනය කළ තරුණියකගේ සිරුරක් ඉන්දියාවේ පන්ඩුර්තා - නාග්පූර් අධිවේගී මාර්ගය අසළ ඇති බවට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් පොලීසියට පසුගිය දිනෙක දුරකථන ඇමතුමක් ලැබුණා.
 
සිද්ධිය සැලවීමත් සමඟ අධිවේගී මාර්ගයේ මළසිරුර තිබූ ස්ථානයට ගිය නාග්පූර් පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹනු ලැබුවා.
 
එහිදී ඝාතනය කෙරුණු තරුණිය 19 හැවිරිදි කුෂි පරිහාර් නැමැත්තියක් බවට පොලීසිය හඳුනාගත්තා.

සමාජ මාධ්‍ය වල තිබූ ඡායාරූපවලට අනුව ඇය හඳුනාගැනීමට පොලීසියට පහසු වුණා. වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ මෝස්තර ශිල්පිණියක් වීමේ අරමුණ ඇතිව ඇය එම කේෂ්ත්‍රයට පිවිසුණු තරුණියක් බවයි.
 
කුෂිගේ ඝාතනය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක යෙදුණු පොලීසිය ඇගේ පෙම්වතා වූ අෂ්රාෆ් ෂෙයින් නැමැත්තා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට වූ අතර එම ප්‍රශ්න කිරීමේදී කැෂි පරිහාර් මරා දැමූවේ තමන් විසින් බව ඔහු පිළිගනු ලැබුවා.
 
'අෂ්රාෆ්' සමඟ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී ඇති වූ බහින්බස් වීමක ප්‍රථිපලයක් වශයෙන් ඇගේ ඝාතනය සිදු වී ඇති බව විමර්ශනවලදී හෙළි වුණා.
 
මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කළ කුෂි වෙනත් පිරිමින් සමඟ හැසිරෙන ආකාරය අෂ්රාෆ්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබුණා. මේ නිසා කුෂි කෙරෙහි ඔහු තුළ ඇති වූ සැකය දිනෙන් දින වර්ධනය වී තිබුණා.
 
තම පෙම්වතිය පිරිමින් සමඟ අනිසි ලෙස හැසිරෙන්නේ ඇගේ රූමත්කම නිසා බව දැනගත් අෂ්රාෆ් ඇයට දිය යුතු හොඳම දඬුවම ඇගේ රූමත්කම විනාශ කර දැමීම බව සිතාගෙන ඇය කෙරෙහි දැඩි වෛරයක් බැඳගෙන තිබෙනවා.
 
ඒ අනුව දිනක් ඇය සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී ඇතිකරගත් බහින්බස් වීමෙන් පසු ඇගේ මුහුණත් හිසත් විනාශ වන අයුරින් දරුණු ලෙස ඇයට පහරදී ඇති අෂ්රාෆ් ඉන්පසු ඇගේ සිරුර අධිවේගී මාර්ගය අසළ දමා පැනගොස් තිබුණා. ඔහුට අවශ්‍යව තිබුණේ ඇගේ මුහුණ ඉතා දරුණු ලෙස විකෘති කිරීම බව පරීක්ෂණවලදී හෙළි වුණා.
 
ඇගේ ඝාතනය මාධ්‍ය මඟින් හෙළි කිරීමත් සමඟ මුළු මහත් මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේම අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර එය ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුණා.
 
කුෂිගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුවීමත් සමඟ පොලිස් විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස ඇගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට හැකිවීම ගැන අධිකරණයේ ප්‍රශංසාව පොලීසියට හිමි වුණා.
 
අනතුරුව සැකකාර අෂ්රාෆ් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නාග්පූර් පොලීසිය කටයුතු කළා.
 
අධිකරණය ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අතර ඉදිරි දිනවලදී ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති.

රෝහණ ආර්යරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  715 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,554 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,979 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,525 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,696 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top