රිදීමාලියද්ද - ලොග්ගල්ලාඔය ප්‍රදේශයේ පෞද්ගලික විදුලි උත්පාදන ආයතනයක සිදුවූ අනතුරකින් ඉන්දීය ජාතික ටර්බයින ඉංජිනේරු උපදේශකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ අදාළ ආයතනයට අලූතින් ගෙන ආ ටර්බයිනයක් සවිකිරීමට යාමේදී ඔහු අඩි 15 ක පමණ උසකින් ඇද වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ - බැංගලෝරයේ පදිංචිව සිටි 55 හැවිරිදි වෙංකට් රාමයියා රෙඞ්ප්පා නැමති ඉන්දීය ජාතිකයායි.
මොහු අදාළ පෞද්ගලික විදුලි උත්පාදන ආයතනයේ සේවයට පැමිණ ඇත්තේ මෙම වසරේ ජූනි මස 16 වනදා වන අතර, අනතුර සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.