ලබන ජනවාරි වනතෙක් නව පක්ෂ ලියාපදිංචි නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මැතිවරණ පනතට අනුව ජනවාරි 1 වනදා සිට නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවන බවයි.
මේ වනවිටත් ඇතමුන් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම් කරන නමුත් නියමිත ක්‍රමවේදයෙන් තොරව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකරන බවයි එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ.