ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟය ඊයේ ආරම්භ වුණා.
විශිෂ්ට පන්දු යැවිමක නිරත වුණ ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නවසීලන්ත ඉනිම සුණු විසුණු කරන්න සමත් වුණා.
ඒ ඔහු පළමු දිනයේදීම නවසීලන්තයේ කඩුළු 5ක් බිඳ හෙළමින් නවසීලන්තය කණ්ඩායම අසරණ කරමිනුයි.
මේ දස්කම නිසා අද දිනයේදී තරඟය ආරම්භ වෙන්නට පෙර කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේ හෝටල් කාර්ය මණ්ඩලය අකිලට අපූරු සුබ පැතුමක් කළා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්
තරඟයේ ඡායාරූප කිහිපයක්