Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
අවාසනාව නිසා සිදු වූ ලෝක කුසලාන පරාජයේ වේදනාව නිහතමානීව බාරගත් කේන් විලියම්සන් ගැන ඔබ නොදත් තොරතුරු - Photos

- අවාසනාව නිසා සිදු වූ ලෝක කුසලාන පරාජයේ වේදනාව නිහතමානීව බාරගත් කේන් විලියම්සන් ගැන ඔබ නොදත් තොරතුරු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,378 Views
ඔහු කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේදී අනෙක් ළමුන්ට වඩා ඉහළ දක්ෂතා දැක වූ නිසා "වොන්ඩ කිඩ්" හැඳින්වූවා.....

නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ටම පිතිකරුවා ලෙස ද කේන් විලියම්සන් සැලකෙනවා.....

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමි කර ගෙන ඇති බව නොරහසකි. විශේෂයෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට ලක්ව තිබේ. මේ ඔහු පිළිබඳ කෙටි සටහනකි.

සම්පුර්ණ නම: කේන් ස්ටුවර්ට් විලියම්සන්

උපන් වර්ෂය: 1990 අගෝස්තු 08

උපන් ස්ථානය: ටෞරංගා

බ්‍රෙට් සහ සැන්ද්‍රා විලියම්සන් යුවලට දාව උපන් කේන්ට සහෝදරියන් තිදෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටී. ඔහුගේ මව පැසිපන්දු (බාස්කට් බෝල්) ක්‍රීඩාවට දස්කම් දක්වා ඇති අතර සහෝදරියන් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධය.

කුඩා කාලයේ සිටම දැක් වූ දස්කම් නිසා නවසීලන්ත ක්‍රිකට් බලධාරීන්ගේ සහ විචාරකයන්ගේ අවධානය දිනා ගැනීමට ඔහු සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේදී සම වයසේ අනෙක් ළමුන්ට වඩා ඉහළ දක්ෂතා දැක වූ නිසා කුඩා කාලයේදී කේන් හඳුන්වනු ලැබ ඇත්තේ "වොන්ඩ කිඩ්" යන සුරතල් නාමයෙනි.

අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන විටම ජාතික කණ්ඩායමට එක්වන දිනය ගැන ඇඟිලි ගනිමින් සිටි කේන් 2010 නොවැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව තම මංගල ටෙස්ට් තරගයට සහභාගී විය. එම තරගය පැවැත්වුණේ ඉන්දියාවේදීය.

ඊට පෙර ශ්‍රී ලංකාවේ පැවති ඉන්දියා, ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් සහභාගී වූ තුන්කොන් තරගාවලියේදී එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගැනීමට සුපිරි පිතිකරුවාට හැකියාව ලැබිණි.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කළේය.

බිංදුවෙන් ඇරඹි එක් දින ක්‍රිකට් දිවිය

නමුත් ඔහුගේ එක්දින සම්ප්‍රාප්තිය එතරම් සුන්දර නොවීය. ඒ තමා සහභාගී වූ ප්‍රථම තරග දෙකේදීම ලකුණු ලබා ගැනීමට ඔහු අසමත් වූ බැවිනි.
වර්ෂ 2014, ඔහුට සුවිශේෂ වසරකි.

ඒ, එක්දින ජාත්‍යන්තර තරගවලදී ඔහු වාර්තා පිට වාර්තා තැබූ හෙයිනි. ඉන්දියාව සමග සිය මව් රටේ පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේදී පිට පිට අර්ධ ශතක 5ක් රැස් කිරීමට ඔහු සමත් විය.

පාකිස්තානයේ යසීර් හමීඩ්ට පසු එවැනි දස්කමක් කළ පළමු පිතිකරුවා ඔහුය.

වර්ෂ 2015 දී ටෙස්ට් පිටියේ සුවිශේෂ ලෙස දක්ෂතා පෙන්වමින් ඔහු ලකුණු 1,172ක් රැස් කළේය. එහි සාමාන්‍ය 90ක් විය. එසේම එක්දින තරගවලදී ද සාමාන්‍ය 57ක් සහිතව කේන් මුළු ලකුණු 1,376 ක් රැස් කර තිබිණි.

ඔහුගේ විශිෂ්ට පිතිහරඹය සහ නවසීලන්ත ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා යෑමට ඔවුන් සමත් විය.

2010 වර්ෂයේදී ටෙස්ට් වරම් ලද කේන් විලියම්සන් මෙතෙක් නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකේ. මේ වනවිට ටෙස්ට් තරග 72කදී, ශතක 20ක්ද සමග ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6,139 කි.

ඇතැම් ක්‍රිකට් විචාරකයින් විසින් ඔහු හඳුන්වනු ලබන්නේ 'නවසීලන්තයේ දොන් බ්‍රැඩ්මන්' ලෙසය.

විලියම්සන්, ලකුණු 3,000 ඉක්මවා ගිය ළාබාලතම නවසීලන්ත ටෙස්ට් පිතිකරුවා වේ. එවිට ඔහුගේ වයස වූයේ අවුරුදු 24යි දින 151කි.
එක්දින සහ විස්සයි විස්ස තරගවලදී ද, ඔහු හොඳින් දස්කම් දක්වයි.

මේ වනවිට එක්දින තරග 149කදී ලකුණු 6,132 රැස් කර ඇති විලියම්සන්, විස්සයි විස්ස තරග 57 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1,505කි.

පසුගියදා නිමා වූ ලෝක කුසලාන තරගවලියේදී තම කණ්ඩායම අවසන් තරගය දක්වා ගෙන යෑමට කේන් විලියම්සන් සමත් විය.

ඔහු එම තරගාවලියේ වීරයා වශයෙන් නම් කෙරිණි. ඔහු එහිදී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 578 කි.

මෙම කරුණු නිසාම, නවසීලන්තයේ මෙතෙක් බිහිවූ හොඳම පිතිකරුවා ලෙස සැලකෙන මාටින් ක්‍රෝ ගෙන් පසුව එරට බිහිවූ විශිෂ්ටම පිතිකරුවා ලෙස ද කේන් විලියම්සන් සැලකේ.

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්යට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් දක්වන කැමැත්ත මනාව පිළිබිඹු වූ අවස්ථාවක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 8) කටුනායක ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සිදුවිය.

ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමයි. සිසිල් පැන් පානය සඳහා තරගය මදකට නවතා තිබිණි.
ක්‍රීඩා ලෝලීන් පිරිසක් බොහෝ අය නොදත් දෙයක් දැන සිටි සෙයකි. එදින කේන් විලියම්සන්ගේ 29වෙනි උපන් දිනයයි.

හතරේ සීමාව අසළට පැමිණෙන ලෙස ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් ලද එම ස්ථානයට ගිය ඔහුට දක්නට ලැබුණේ බලාපොරොත්තු නොවූ දෙයකි.

ක්‍රීඩා ලෝලීන් විලියම්සන්ගේ උපන් දිනය සැමරීමට කේක් ගෙඩියක් ගෙනැවිත් තිබිණි. ඔහු අනතුරුව ක්‍රීඩා ලෝලීන් සමග එක්ව එය රසවින්දේය.

"ඒක උතුම් දෙයක්. බොහොම ස්තුතියි. ඒක මාව පුදුමයට පත් කළා. මම හිතුවේ නෑ උපන් දිනය ගැන වැඩි සැලකිල්ලක් දක්වයි කියලා. ඔවුන් සුභ උපන්දිනක් යනුවෙන් දිගින් කිව්වා. මම දැනගෙන හිටියේ නැහැ ඔවුන් එවැනි දෙයක් කරයි කියලා."

මෙම සිදුවීම සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.

"BBC සිංහල"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  718 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,557 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,989 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,528 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,706 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,664 Downloads



Top 10 Commenters

Latest Comments

Top