Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
දේශපාලනඥයන්ගේ අනුදැනුම මත වැනසෙන මුතුරාජවෙල ගැන හිරු CIA අනාවරණය - Video

- දේශපාලනඥයන්ගේ අනුදැනුම මත වැනසෙන මුතුරාජවෙල ගැන හිරු CIA අනාවරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,630 Views
මෙරට ඇති විශාලතම තෙත්බිම් කලාපයක් වන මුතුරාජවෙල මේ වනවිට සංවිධානාත්මක පිරිසක් විසින්සාහසික ලෙස විනාශ කරමින් පවතිනවා.

අද සී.අයි.ඒ. අනාවරණය රාජ්‍ය අනුග්‍රහයද ඇතිව සිදුවන මෙම මුතුරාජවෙල විනාශය පිළිබදවයි.

මුතුරාජවෙල තෙත් භූමිය යනු ශ්‍රී ලංකාව සතු වැදගත්ම නාගරික තෙත්බිම් කලාපයයි.

කොළඹ නගරයට වරින්වර ඇතිවන ගංවතුර තර්ජනය කාලාන්තරයක් පුරා පාලනය කිරීමට ද මෙම මුතුරාජවෙල සිදුකරන්නේ අමිල සේවාවක්.
 

සිය ගණනක් මත්ස්‍ය විශේෂ, සත්ව විශේෂ සහ ශාක විශේෂ වලට වාසස්ථාන සපයන මුතුරාජය සුවිශේෂී කඩොලාන ගහනයකින් ද සමන්විතයි.

එහෙත් ගොඩබිම ඉඩම් මදිව තෙත් බිම ද ගොඩකරමින් ඉඩම් ආක්‍රමණය කරන මුදලට ගිජු මෙරට බලලෝභී දේශපාලනඥයන් කලක පටන් මුතුරාජවෙල තෙත්බිම වනසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය 04 වැනිදා ගම්පහ පැවති උත්සවයකදී මෙලෙස හෙළි කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
"ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන විශාල සම්පතක් මුතුරාජවෙල ප්‍රදේශය නමුත් මුතුරාජවෙල ප්‍රදේශය ගොඩකරන, මුතුරාජවෙල සුන්දරත්වය විනාශ කරන්නෙ කවුද ? දේශපාලනඥයො මේ ආණ්ඩුවෙ ඇමතිවරු සම්බන්ධයි මුතුරාජවෙල ගොඩකිරීම්වලට හා මුතුරාජවෙල විනාශ කරන්න".

ජනාධිපතිවරයා එලෙස පවසා සති 02 ක් ඉක්මයාමටත් මත්තෙන් මුතුරාජවෙල තෙත්බිම මහා පරිමානයෙන් වනසන පිරිසක් පිළිබදව හිරු සී.අයි.ඒ.අනාවරණය කරගත්තා.

වත්මන් රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ අනුදැනුම මත ඔහුගේ හෙන්චයියෙකු භීෂනය වපුරමින් මේ වනවිට වත්තල - ඇලකන්ද බලගල පාර ආශ්‍රිත ප්‍රදේශයේ මුතුරාජවෙල මහා පරිමානයෙන් වැනසීම අරඹා තිබෙනවා.

අවස්ථා ගණනාවකදී මෙම ප්‍රදේශයට හොර ඔප්පු සකස්කර අයිතිවාසිකම් පවසා මෙම භූමිය අත්පත් කරගැනීමට බලපුළුවම්කාරයින් කිහිපදෙනෙකුම පැමිණි බවයි ගම්වාසීන් හෙළි කරන්නේ.

"මේක මුතුරාජවෙල වගුරුබිම කුඹුරක් හැටියට තහනම් කරලා තියෙන්නෙ.කජුගහ කුඹුර දැන් ආයෙ ලියකියවිලි ගොඩ ඉඩමක් කියලා වෙනස් කරගෙන මේවා විනාශ කරන එක ජාතික අපරාධයක්.අපි ඉල්ලන්නෙ මේ සම්පත අපට රැකලා දෙන්න".

දේශපාලනයේ අනුහසින් කිසිදු බයක් සැකක් නොමැතිව මෙම වගුරුබිම විනාශ කිරීමට අනුබල දී ඇති පුද්ගලයින් ගම්වාසීන්ට පවසා ඇත්තේ මෙම ඉඩමේ කොටස් බලහත්කාරයෙන් අල්ලාගත් පසු ඔවුන්ට එහි ඉඩම් කොටස් ලබාදෙන බවයි.

එම රැවටිලි බසට මුලා වු ගම්වාසීන් මෙලෙස කඩොලාන ඇතුළු ශාක පද්ධති විනාශ කිරීම අරඹා තිබුනේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක නොවුනු පසුගිය නිවාඩු දින කිහිපයේයි.

ගම්වාසීන්ගේ එළිපෙහෙලි කිරීම්වලට මුවා වු මහා පරිමාන ජාවාරම්කරුවන් යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් අක්කර ගණනක් සිත්පිත් නොමැති ලෙස විනාශ කරන අයුරු හිරු සී.අයි.ඒ.කැමරා කාචයේ සටහන් වුණා.

ගොවිජන එකේ කට්ටියත් අල්ලගෙන කැලයක් තියෙන ගොඩ ඉඩමක් හැටියට තමයි මේ විනාශය කරගෙන යන්නෙ.අපිටත් කථා කෙරුවා මේකට විරුද්ධ වෙන්න එපා.සහයෝගය දෙන්න අපිටත් ඉඩම් දෙන්නම් කියලා.නමුත් අපිට වටින්නෙ මේ පරිසරය රැකගැනීම.

කොළඹ ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට ඉමහත් කාරයභාරයක් ඉටුකළ මුතුරාජවෙල තෙත්බිම් කලාපය මෙලෙස සාහසික ලෙස විනාශ කිරීම අනාගතයේ ගංවතුරකින් කොළඹ ප්‍රදේශයට සිදුවන හානිය සුළු පටු නොවේ.

ඒ පිළිබදව සිතා හෝ නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් දැන් මෙම විනාශය නවතා දැමිය යුතු නොවේ ද ?

සී.අයි.ඒ.ඉදිරියේදීත් මේ පිළිබද අවධානයෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,046 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,009 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,664 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,983 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,836 Downloads



Top 10 Commenters

Latest Comments

Top