Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
මහනුවරට ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් - Video

- මහනුවරට ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,748 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී දළඳා සමිඳුන්ගේ අශිර්වාදය ලබා ගත්තා.

මේ අතර කටුකැලේ ශ්‍රී තෙල්ව විනයාගර් කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ වතුකරයේ ජනතාවගේ ආර්ථික හා නිවාස ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණීමට ප්‍රථම විශාල ජනතාවක් ඔහුට සුභ පැතීම සඳහා ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිටට රැස්වී සිටියා.

ජනතා සුභපැතුම් මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළඳා මාළිගාවට පැමිණියේ පෙරවරු 9.00ට පමණ.
 

දළඳා මාලිගාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළඳා සමිඳුන් වැද ආශිර්වාද ලබාගත්තා.

ශ්‍රී දළඳා මාළිගාවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියක් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්හවයේ මහා නායක අති පූජ්‍ය වරාකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණියේ කටුකැලේ තෙල්ව විනයාගර් කෝවිලටයි.
එහිදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුණා.

ආශීර්වාද පූජාවට සහභාගිවීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි ද්‍රවිඩ ජනතාව ඇමතුවා.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණියේ මහනුවර මීරා මක්කම් ඉස්ලාම් දේවස්ථානටයි.

එහිදී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය ප්‍රාර්ථනා කරමින් ආගමික වතාවත් සිදු කෙරුණා.

පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මහනුවර ගැටඹේ රාජෝපවනාරාම රජමහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න හුරීකඩුව විද්‍යා සාගර පිරිවෙන් විහාරස්ථානයට පැමිණ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,435 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,085 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,249 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,356 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,471 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,528 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,378 Downloads



Top 10 Commenters

Latest Comments

Top