Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
රසායන ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින්, ඇමරිකාවේ බුද්ධි අංශවලට ඔත්තු සැපයූ ටැක්සි රියදුරෙකු ගැන අරුම පුදුම කතාවක් මෙන්න

- රසායන ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින්, ඇමරිකාවේ බුද්ධි අංශවලට ඔත්තු සැපයූ ටැක්සි රියදුරෙකු ගැන අරුම පුදුම කතාවක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,679 Views
තොරතුර දුන් ඉන්ජිනේරුවරයා දැන් වෙනත් රටක සිටිනවා...
ඝාතනය කිරීමට ඉඩ ඇති බැවින් ඔහු ඉරාකයෙන් බැහැරවයි ඉන්නේ..
 
රෆීඩ් අහමඩ් අල්වාන් අල් ජනාබ් ඔත්තුකරුවෙකි. ඔහු ජීවත් වූයේ ඉරාකයේය. ඔහුගේ බිරිය මොරොක්කෝ කාන්තාවකි. ඉරාකය ආක්‍රමණය කිරීම පිණිස ඇමෙරිකාව යොදාගත්තේ මෙම ඔත්තුකරුවා විසින් ගොතන ලද අතේ පැළවෙන බොරු කතාය.
 
ඔහු පෙනී සිටියේ රසායන ඉන්ජිනේරුවකු වශයෙනි. එහෙත් සැබෑ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. 2011දී ගාර්ඩියන් පුවත්පතට ප්‍රකාශයක් කරමින් තමා ඉන්ජිනේරුවකු නොවන බවත් තමා වෘත්තියෙන් කුලී රථ රියැදුරකු බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ වනවිට සියල්ල සිදුවී හමාරය. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කොට මහා විනාශයන් සිදුකර අවසන්ය.

ලෝකයේ රාජ්‍යයන් අතර බුද්ධි තොරතුරු හුවමාරු වන ආකාරය හා බුද්ධි තොරතුරු ගොතා පැළ කර මහා වෘක්‍ෂයන් බවට පත්කර ගන්නා ආකාරය කොපමණ හාස්‍යජනක දැයි තේරුම් ගන්නට අල් ජනාබ්ගේ කතාව හොඳටම ප්‍රමාණවත්ය.
 
ඇමෙරිකාව හා ජර්මනිය මේ ටැක්සි රියැදුරාට යොදන සංකේත නාමය කර්ව් බෝල්ය. මෙතැන් සිට ඉදිරියට අපි ඔහු කර්ව් බෝල් නමින් හඳුනා ගනිමු.
 
කර්ව් බෝල්ට අවශ්‍ය වූයේ තම මොරොක්කෝ ජාතික බිරිය සමඟ ජර්මනියට පලාගොස් ජීවත් වීමටය. ඒ සඳහා ඔහු ජර්මන් බුද්ධි අංශ නිලධාරීන් සතුටු වන අන්දමින් ඉරාක පාලනය පිළිබඳ බොරු ගොතා කීවේය.
 
ඔහු ඔවුන් ඉදිරියේ පෙනී සිටියේ සදාම් හුසේන්ගේ ඉතාමත් සූක්‍ෂ්ම ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ රසායන ඉන්ජිනේරුවකු ලෙසය. කොටින්ම ඔහු ජර්මන් බුද්ධි අංශ අපූරුවට අන්දවා තිබිණි.
 
ජර්මානු බුද්ධි අංශ විසින් තොරතුරු හුවමාරු කරගැනීම පහසු වනු පිණිස මේ ටැක්සි රියැදුරාට කුඩා රසායන ඉන්ජිනේරු අත්පොතක් දී තිබේ. ඔහු යොදා ගත්තේ එහි තිබූ විද්‍යාත්මක නාමයන් හා වචනය.
 
ඇත්ත වශයෙන්ම කර්ව් බෝල් ඉන්ජිනේරුවකු වූයේ ඒ පොතෙන් අසුලාගත් වචන යොදමින් තමා නිර්මාණය කළ බොරුව අලංකාර කිරීමෙනි. එම පොත කර්ල්ස්රූහි තම කුලී නිවෙසේ තවමත් තිබෙන බව ඔහු පසුව පිළිගත්තේය. ජර්මානු බුද්ධි අංශ නිලධාරීන්ට කර්ව් බෝල් කියූ බොරු මොනවාද?
 
ඉරාකයේ ගිනිකොන දිග බැග්ඩෑගයේ රහස් ජීව විද්‍යාත්මක ආයුධ කර්මාන්තශාලා ඇති බව තමා සියැසින් දුටුවේ යැයි ඔහු ප්‍රකාශ කළේය. එම කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරකින් 12 දෙනකු මරණයට පත්වූ අවස්ථාවේ රසායනික ඉන්ජිනේරුවකු වූ තමාද එහි කැඳවූ බව කර්ව් බෝල් ප්‍රකාශ කළේය. පීලි මත ගෙනයා හැකි ජංගම ජීව විද්‍යාත්මක ආයුධ එහිදී තමා දුටු බවද ඔහු ප්‍රකාශ කළේය.
 
ඒවා ජනසංහාරක අවි බවට ආයෙත් කිසිම සැකයක් නැති බවද ඔහු අවධාරණය කළේය. නමුත් සත්‍යය වූයේ මේ ටැක්සි රියැදුරා ඉරාකයේ ප්‍රාදේශීය කුඩා නගරයක රිය පදවන්නකු පමණක් වූ බවය.
 
ජර්මනියේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි ඔගස්ට් හෙනින් (August Henning) විසින් මෙම තොරතුරු ඇමෙරිකාවේ වොෂින්ටන්හි CIA නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෝන් මැක්ලූලින් (ohn Maclnaghlin) හට දැනුම් දී තිබේ.
 
2003 ජනවාරි 28 වැනිදා එනම් ඇමෙරිකාව, ඉරාකය ආක්‍රමණය කළ 2003 මාර්තු 20දාට මාස දෙකකට පෙර ජනාධිපති ජෝර්ජ් බුෂ් ප්‍රාන්ත දේශනයකදී කර්ව් බෝල්ගේ ව්‍යාජ ඔත්තුව බර දමා ප්‍රකාශ කර තිබෙන්නේ මෙසේය.
 
“සදාම් හුසේන්ගේ විරුද්ධවාදීන් තිදෙනකුගෙන් අපි දැන ගත්තා ඉරාකය සතුව 1990 වනවිට ජංගම ජීව විද්‍යාත්මක අවි නිපදවන රසායනාගාර කිහිපයක් තිබෙන බව. සදාම් මේවා හෙළිකරලා නැහැ. මේවා විනාශ කළ බවට ඔහු කිසිම සාක්‍ෂියක් ඉදිරිපත් කරලවත් නැහැ.”
 
රාජ්‍ය ලේකම් කොලින් පවෙල්ද කිසිදු චකිතයකින් තොරව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කර්ව් බෝල් ටැක්සි රියැදුරාගේ කතාව ඉදිරිපත් කළේය.
 
“මහත්වරුනි, මම මෙහිදී කරන සෑම ප්‍රකාශයකටම ශක්තිමත් මූලාශ්‍ර තිබෙනවා. සමහර සාක්‍ෂි විදේශ බුද්ධි අංශ මඟින් අපට ලැබුණු බව මා සඳහන් කළ යුතුයි. අප සතුව ඇති ලිපි ගොනුවලින් මතුවන ඉරාක ජීව අවි පිළිබඳ බියජනක වාර්තාවල තිබෙන්නේ ජීව විද්‍යාත්මක ආයුධ නිෂ්පාදනය කරන ජංගම කර්මාන්තශාලා ඉරාකය සතු බවයි. රෝද මත හා පීලි මත තිබෙන අවි කර්මාන්ත පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ විස්තර දැන් අප සතුව තිබෙනවා. පළමු මූලාශ්‍රය වන්නේ විශ්වාසදායක ඇසින් දුටු සාක්‍ෂියක්. මේ බුද්ධි තොරතුර ජංගම කම්හලක් අධීක්‍ෂණය කරපු රසායන ඉන්ජිනේරුවෙක්. මේවා නිපදවන ස්ථානයේ ඔහු සිටියා. 1998දී එහි අනතුරක් සිදුවන අවස්ථාවේත් ඔහු එතැන සිටියා. එතැනදී රසායනිකයක් නිවාරණය වීමෙන් 12 දෙනකු මැරුණා. මේ බුද්ධි තොරතුර දුන් ඉන්ජිනේරුවරයා දැන් වෙනත් රටක සිටිනවා. සදාම් හුසේන් විසින් ඔහු ඝාතනය කිරීමට ඉඩ ඇති බැවින් ඔහු ඉරාකයෙන් බැහැර වී සිටිනවා.”

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් එදා ලෝකයට ප්‍රකාශ කළේ අසත්‍යයක් බව කිසිවකු දැන සිටියේ නැත.
 
බළලා මල්ලෙන් එළියට පැමිණියේ වසර 8කට පසු කර්ව් බෝල් හෙවත් රියැදුරු ගාඩියන් පුවත්පතට කළ ප්‍රකාශයෙනි.CIA සංවිධානයේ හිටපු ප්‍රධානි ජෝර්ජ් ජෙනට් (1997 - 2004) පසුව පිළිගත්තේ කර්ව් බෝල් බොරුකාරයකු බව ඇමෙරිකාව දැනගත්තේ 2005දී බවය. එනම් සදාම් හුසේන් ඇතුළු ඉරාක ජනයා ලක්‍ෂ 6ක් මරාදමා ඉරාකය තමන් යටතට ගැනීමෙන් පසුව බවය.

උපුටා ගැනීම: මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,435 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,085 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,249 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,356 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,471 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,528 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,378 Downloads



Top 10 Commenters

Latest Comments

Top